
(විනීතා එම් ගමගේ)
ගිවිසුම්ගත සේවා කාලය අවසන් වී ඇතත් තවදුරටත් කොරියාවේ රැඳීසිටින්නට සිදුව ඇති ශ්‍රී ලාංකිකයන් 1600 දෙනා මාස දෙකක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සේවා ගත ගිවිසුම් කාලය අවසන් වුවත් කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීම හා ගුවන් ගමන් නතරවීම නිසා මෙරටට පැමිණීමට නොහැකි වූ පිරිසක් මෙසේ රැඳී සිටින බවත් මෙම පිරිස ආපසු ගෙන්වා ගන්නා තුරු රැකියා සඳහා යාමට නියමිත ඊළඟ පිරිස යැවීමට නොහැකිව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
මේ නිසා ඉක්මණින් මෙම පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් නිරෝධායනය කිරීම සඳහා කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන යොදා ගන්නා ලෙසත් අමාත්‍යවරයා කාර්යංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම එම පිරිස ගේ ආහාරපාන ඇතුළු වියදම් කාර්යංශ වියදමින් දැරිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.
විශේෂ ගුවන් යානයක් යොදවා ඉක්මණින්ම මෙම පිරිස ගෙන්වා ගන්නට කටයුතු කරන්නැයි ද ඔහු නිලධාරින්ට උපදෙස් දුන්නේය.
කම්කරු අමාත්‍යංශයේ දී කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත කිම් වොන් සොක් මහතා සමග අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවක දී හෙතෙම මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාව නොවේ..., මැද පෙරදිග මිනිස්සු ගැන සොයාබලන්න.
කොරියාවේ ඉඳන් පීනලා දින 3කින් එන්න පුළුවන්...
විදේශ ශ්‍රමිකයින්ගෙන් රට යනකොට වසරකට සැරයක් අයකරගනු ලබන 17500 රක්ෂණ මුදලට විද්දේ කවුද?