කූරියර් සේවවාකින් සිංගප්පුරුවට යැවීමට සුදානම් කර තිබූ වල්ලා පට්ටා හෝ සුදු හඳුන් තෙල් අඩංගු බවට සැකකරන කිලෝගෑම් පනහක් බරැති ඇළුමිනියම් කෑන් දෙකක් කටුනායක ගුවන් බඩු පර්යන්තයේදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
මෙහි වටිනාකම රුපියල් කෝටිය ඉකමවනු ඇතැයි රේගුව කියයි.
කොළඹ ප‍්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් සාම්පල සහ ලියකියවිලි බවට රේගුවට ප‍්‍රකාශ කරමින් කූරියර් සේවයක් හරහා මෙම භාන්ඩ සිංගප්පුරුවට යැවීමට උත්සහ කර තිබු බව රේගුව කියයි.
අදාල කූරියර් ආයතනය හරහා මිට මාස හයකට පමණ පෙරද කොතල හිඹුටු කිලෝ ග‍්‍රෑම් තුන්සීයක් පමණ මේ අයුරින්ම මෙරටින් පිට කිරීමට උත්සහ කරද්දි රේගුවට අසු විය.
රේගු නිලධාරීන් විසින් කූරියර් බෑග් මළු පරීක්ෂා කරද්දී ලී සිලින්ඩර දෙකක් තුලට දමා තිබූ තෙල් අඩංගු මෙම අලූමිනියම් කෑන් සොයා ගෙන ඇත.
රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසූවේ වල්ලා පට්ටා මෙරටින් පිට කිරීමේ ජාවාරමක් පිළිබඳ මාස තුනක සිට විමර්ශනය කරමින් සිටි රේගු ජෛව වවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අලූයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 302 දරණ ගුවන්යානායන් සිංගප්පුරුව බලා යැවීමට කටුනායක ගුවන් බඩු පර්යන්තයට ගෙනවිත් තිබියදී මෙය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
මෙහි ජාවාරමකරුවන් කොටු කර ගැනීම සඳහා රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඞී නිකොලොස් මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී ආර්.ඞී නියරපොළ, නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, සහන් ජයසිංහ, ඩිලාන් වීරරත්න සහ දමින්ද ජයසිංහ යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහතුනේ ඔබ තුමන්ලා පැය විසි හතරේම අවධානයෙන් ඉඳන් කරන සේවය ඉතාම ඉහලයි. කොහොම හරි මේ ජඩයෝ ටික අල්ලලා ඉහලම දඬුවම් දෙන්න. අපේ සුබ පැතුම්. (ස)
කළයුතු එකම දෙය මෙම ද්‍රව්‍යය සාමාන්‍ය බඩු බවට සහතික කළ පනත,කුරියර් සමාගමේ වේවා, රජයේ වේවා සේවයෙන් පහ කර නීති මගින් කටයුතු කිරීමයි. දඬුවම අනිවාර්ය විය යුතුයි (නි)
රේගුව මාරයිනේ??? (ස)
අපේ හොඳ නිලධාරීන් නීතියට වැඩ කරද්දී දඬුවම් දෙන එක නම් වෙන්නේ නැහැ වගේ. ඔය අත්වැරැද්දත් හරියට වහනකම් ආශ්චර්යට නම් යන්න බැහැ. විස්තර දුන් ලංකාදීපයට ගරු කරමු. (නි)
රේගුවේ පැරණි සුහද මිතුරු සමන්ත ඇතුළු ජෛව විවිධත්ව ඒකකයේ සැමට උණුසුම් සුබපැතුම්. රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙවර තව තවත් ඉදිරියටම යේවා. (අ)
තේ, පොල්, රබර් වගාව නවතා වල්ලා පට්ටා වගා කලොත් නරක ද ? (ස)
මොනවද ඔය වල්ලපට්ට කියන්නේ? (නි)
නිලධාරීන්ට උපහාරය, වැරදි කරුවන්ට මෙතෙක් ලබා දුන් දඩුවම් මොනවාද? (ස)
මොකද නැද්ද මේකට සිංහල අයගේ අදහස්? (නි)