IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාර්යය බහුලම නිරූපිකාවක් වන 'ඕෂධි'

20160408-ent-57

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධි හිමාෂා "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තිය මට්ටමේ මෝස්තර නිරූපීකාවක් වන ඇය ඉදිරියේදී සිනමා රංගනයට පිවිසිමේ සූදානමකින් පසුවේ. එමෙන්ම ඇය පසුගියදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවති "ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්" තරගාවලිය සඳහාද එක්ව පැජන්ට් ද්වත්වයක්ද දිනා ගැනීමට සමත් විය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඕෂධිගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.

 

20160408-ent-58ඕෂධි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න කාර්යබහුලම නිරූපිකාවක්?

එහෙම කිව්වොත් නිවැරදියි. පසුගිය කාලේ නම් නිරූපණ කටයුතු වලින් ටිකක් විතර ඇත්වෙලා හිටියා. ඒ ජපානයේ ටෝකියෝ නගරයේ පැවති "ෆයුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්" තරගාවලිය සඳහා සහභාගී වුණ නිසා.

 

කියන්නකෝ ඒ ගැන විස්තර?

මේක ලෝක මට්ටමින් නිරූපිකාවන් අතර පැවති තරගාවලියක්. ලංකාවේ මමත් එක්ක තරුණයින් දෙදෙනෙක් සහභාගී වුණා. මේ තරගාවලිය මට විශේෂ තරගාවලියක්. මොකද, මම සහභාගී වුණ පළමු විදෙස් විලාසිතා තරගාවලිය. මේ තරගාවලියේදී මට පැජන්ට් දෙකක් දිනා ගන්න පුළුවන් වුණා. "බෙස්ට් මොඩල් ඒෂියා" මිනි ටයිටල් එකයි. "බෙස්ට් ටුවරිසම් මොඩල්" කියන මිනි ටයිටල් එකයි දිනාගන්න පුළුවන්.

 

පළමු විදෙස් තරගාවලිය නිසා අත්දැකිම් බොහෝමයක් ලැබෙන්න ඇති?

ඕව. ඇත්තටම ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේදී ලැබෙන සුහදත්වයට වඩා හොඳ සුහදත්වයක් මේ තරගාවලියට සහභාගී වුණ තරුණ නිරූපිකාවක්ගෙන් මට ලැබුණා. මගේ රූම් පාට්නර් වුණේ නේපාලයෙන් ආපු මෝස්තර නිරූපිකාව. ඇය මට ගොඩක් හිතවත් වුණා. ඒ වගේම තමයි අනිත් විදෙස් මෝස්තර නිරූපිකාවන් හැමෝමත් එහෙමයි. අපි සෙල්ලම් කළා. නර්තනයේ යෙදුණා. විනෝද වුණා. උපරිම විනෝදයක් ගත්තා මේ තරගාවලියට සම්බන්ධ වෙලා.

 

ලංකාවේ දැනට මොනවද ඕෂදි දායකත්වය සපයලා තියෙන නිර්මාණ?

මම දැනට මියුසික් විඩියෝ 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම හිතන විදිහට ලංකාවේ වැඩිම මියුසික් විඩියෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා ඉන්න කිහිප දෙනා අතරින් කෙනෙක් කියලා. "ඩැඩි" සංගීත කණ්ඩායම කළ "ආරාධනා", සංඛ දිනෙත්ගේ "නුඹ ළඟ නැතිදා", ටෙහාන් පෙරේරාගේ %වින්ද ප්‍රේමය^ කියන ජනප්‍රිය ගීත වලට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් කියිකටම මම පෙනී ඉඳලා තියෙනවා.

 

රංගන ක්ෂේත්‍රයට කැමති නැද්ද?

කැමතියි. ඒත්, ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ. ඒකට හේතුව තමයි මම ආස නැහැ මගේ නිදහස සීමා වෙනවාට. අනික මම ගොඩක් හිතනවා මගේ විවේකය ගැන. නිරූපණ කටයුතුවලට පවා මම නිතරම සහභාගී වෙන්නේ නැහැ.

 

රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද එතකොට?

ගොඩක් ලැබිලා තියෙනවා. ගොඩක්ම ටෙලි නාට්‍යය වලට. ඉතින් ටෙලි නාට්‍යය සඳහා සම්බන්ධ වෙන්න මගේ කැමැත්තක් නැති නිසා මම ඒ නිර්මාණ ප්‍රතික්ෂේප කළා. නමුත්, මට චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වෙන්න මෑතකදී ආරාධනයක් ලැබුණා. ඒ වැඩේට මම කැමැත්ත දිලා තියෙනවා. තවමත් ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු සාකාච්ඡා මට්ටමින් යන නිසා කවදා කෙදිනක ආරම්භ වේවිද කියලා කියන්න බැහැ.

 

පොඩි කාලේ හීනයක් තිබුණද මේ පැත්තට යොමු වෙන්න?

නැහැ. පුංචි කාලේ මගේ හිතේ තිබ්බ ලොකුම හීනය තමයි ගුවන් සේවිකාවක් වෙන එක. නමුත්, අහම්බෙන් මට මේ ක්ෂේත්‍රය තෝර ගන්න වුණා. මුලින්ම බ්‍රයිඩ්ල් ෂෝ වලට පෙනී හිටියා. ඒ හරහා ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් අඳුන ගන්න ලැබුණා. ඔය විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ. මේ ගෙවුණ අවුරුදු 5ක කාලය තුළ නිරූපිකාවක් විදිහට හොඳ ප්‍රතිරූපයක් මම ගොඩ නගා ගෙන තියෙනවා.

බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
Makeup - දුෂ්මන්ත චානක

20160408-ent-47

20160408-ent-48
20160408-ent-49
20160408-ent-50
20160408-ent-51
20160408-ent-52
20160408-ent-53
20160408-ent-54
20160408-ent-55
20160408-ent-56

 



අදහස් (0)

කාර්යය බහුලම නිරූපිකාවක් වන 'ඕෂධි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site