ශ්රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා (94) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ ඉල්ලීම අනුව 24 පැයක් ඇතුළත අවසන් කටයුතු සිදුකරමින් දේහය කඩුවෙල නෙවිල් ප්‍රනාන්දු රෝහලට බාරදෙන බව සමීප නෑයෝ කියති.
කාරියකරවන මහතා දශක 8කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ යෙදී සිටියේය. මීගමුවේ උපන් ඔහු මුලින්ම පුහුණු ගුරුවරයෙක් විය. සිංහල බස මනා ලෙස හැසිරවීමේ දක්ෂතාවයක් තිබූ ඔහුගේ ශෛලිය බොහෝ පාඨකයන්ගේ සිත් ගත්තේය. නිවැරදි සිංහලෙන් ලිවීමේ වැදගත්කම ඔහු සැමවිටම පෙන්වා දුන්නේය.
ලේක් හවුස් ආයතනයේ දිනමිණ පත්‍රයේ උප කර්තෘවරයකුවූ කාරියකරවන මහතා ජනතා හා සිළුමිණ පත්‍රවල කර්තෘවරයා විය. ජනතා පත්‍රයේ ඔහු කර්තෘවරයාවූ සමයේ සුවිශේෂ සිද්ධියක් වූයේ හොඳ සිංහලය වෙනුවෙන් සම්මත සිංහල සටන ශක්තිමත් කිරීමයි. ප්‍රධාන පෙළේ පුවත්පත් ඊට එරෙහි වෙද්දී ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහලය මගින් මුළු රටේම සම්මතයක් ඇති කරගැනීමට වෙහෙසුණේය.
ලංකා පත්‍ර කලා සංගමයේ පුරෝගාමියකුවූ ඔහු නවක මාධ්‍යවේදීන්ට බෙහෙවින් අත දුන්නේය. ජනමාධ්‍ය කලා පාඨමාලා මගින් ඔවුන් අතර උනන්දුවක් ඇතිකිරීමට ඔහු බොහෝ වෙහෙසවීය.
ලේක් හවුස් ආයතනයෙන් විශ්‍රාාම ගැනීමෙන් පසු කාරියකරවන මහතා ලේඛන කලාවේ නියැලී සිටියේය. එතෙර මෙතෙර සිය අත්දැකීම් අළලා ඔහු විසින් පොත් රැසක්ම ලියන ලද්දේය. ඒ හැම පොතක්ම එක හුස්මට කියවා නිමකළ හැකි බව බොහෝ පාඨකයෝ කියති.
කාරියකරවන මහතාගේ අවසන් තීරු ලිපිය සඳුදා ලංකාදීපයේ පළවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු පියාණනි, ඔබට නිවන් සුව අත්වේවා! (ස)
නිවන් සැප ලැබේවා මහතාණෙනි! (ම)
රටට උතුම් මෙහෙවරක් කළ කාරියකරවන මැතිතුමනි, ඔබට නිවන් සුව පතමි! (නි)
ඉතාම විශිෂ්ට ගණයෙහි පුවත් පත් මාධ්‍යවේදියෙකුවූ එතුමන් කල සේවය සදා ජීවමානයි . නිවන් සුව පතමු (ම)
අපි හිස නමා ගෞරවය පුද කරමු. නිවන් සුව පතමු.(ම)
ලොවට ඉතා වැඩදායි යමක් ඉටුකර අපෙන් සදහටම සමුගත් කාරියකරවන මැතිදුනි, යළිත් අප අතරම ඉපදේවා , ඔබට නිවන් සුව පතමු (බ)
නිවන් සුව පතමු (බ)
මෙතුමා ලියන නොයෙක් තීරු ලිපි කියෙව්වේ හරිම ආසාවෙන්. එක ලස්සන කතාවක් ලිව්වා පසු ගිය නත්තල පසුවුන ගමන් අනෙකුත් නෑදෑ හිතමිතුරන්ට තමන්ව නත්තලේදී අමතකවුන නිසා ඔවුන්ට ඔහු සුභ පැතුව හැටි කියලා. ඒවගේම සිංහල භාෂාව ඉතා නිවැරදිව හසුරන හැටි කියවෙන ලිපි පෙලකුත් ලියුවා. අපේ භාෂාවට මෑත කාලයේ විශාල සේවයක් කරපු කෙනෙක්. ඔබතුමාට මොක් සුවය ලැබේවා.! (ර)
ඔබ තුමා නිවනෙන් සැනසේවා! ඊට පෙර සිංහල බස වෙනුවෙන් යලිත් වරක් ලංකාවේ ම ඉපදේවා! (ර)
නිවන් සුව ලැබේවා.! (ර)
සිංහල පුවත්පත් කලාවේ උන්නතියට ඔබකර ඇති සේවාව මෙතෙක් ජිවත්ව සිටි කෙනෙකුගෙන් ඉටු නොවුවා පමණක් නොවෙයි එවැන්නක් බලාපොරොත්තු වන්නත් බැහැ.හෙළ බස හරි ලෙස ලියන්නට ඔබ කියා දී ඇති වා වගේම පුවත්පත් කලාවේදීන්ගේ ජිවන තත්වය අද තිබෙන මට්ටමට ගෙන ඒමට ඔබ නිහඩව කර ඇති සේවය අපමණයි.මට ඔබ හමුවූ මුල් දින මට තවමත් මතකයි.එවකට ජනතා පත්තරයේ කතුවරයා වූ ඔබ මට දුන් ගුරු හුරුකම් අදත් මතකයට නැගෙන්නේ නිහතමානී බව එදා මා වැනි නවකයෙකුට කොතරම් අගනා දැයි සිහිපත් වනවිටය.ඔබ ලන්ඩනයට පැමිණි විටදී කළ කතාබහ මට මගේ මතකයට ගෙන එන්නේ ඒ කෙටි කාලයද තම පුවත් පත් කලාවේ උන්නතියට අදාල පරිදි යොදාගත් හැටි සිහි වීමෙනි..ඔහුගේ වැඩිමල් පුතූ මුදිත මගේ සමකාලින පුවත්පත් කලාවේදියෙකු වුවා සේම,ඔහුගේ මුනුබුරවූ කුරුළු අද ඒ තුන්වන පරපුර දක්වා ගෙනයාමත් මෙහිදී සදහන් කිරීම ඔහුට කරන උපහාරයක් සලකමි. කාරියකරවන මැතිදුනි, ඔබට නිවන් සුව පතමු. ශාන්ත සේනාධිර -ලන්ඩනයෙන් (බ)
හෙළ වියතාණනි ,ඔබට නිවන්සුව (බ)
මෙතුමන්ගේ සිංහල භාෂා දැනුමෙන් දුහුනන්ට ලැබුණු ආලෝකය පැසසුම් කටයුතු ය. මෙතුමාට නිවන් සැප ලැබේවා! (ම)