බොල්ගොඩ ගඟේ මඩපාත තුඩුව තොටුපළට වැටී තිබූ කාරයක හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ.
හමුදා උත්සවයකට සහභාගීවීම සඳහා සාමාන්‍ය වැසියකුට නිකුත් කළ අවසර පත්‍රයක් කාරයේ අලවා තිබිණි. ගල් පහරකින් පිටුපස වීදුරුව කැඩී ඇති බවද පොලිසිය කියයි.
රුපියල් 1750 ක් ද රට සල්ලි හා ඒ.ටී.එම් ස්වයංක්‍රීය ටෙලර් කාඩ්ද තිබූ බව පොලිසිය පවසයි. අසල්වැසියන් පොලිසියට පවසා ඇත්තේ මේ කාරයේ සිටි පිරිස වෙනත් කාරයකට නැග යනු දුටු බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට වෙහෙසෙනවාද ලියාපදිංචි ලේඛන බලන එකනේ තියෙන්නේ. (හේ)
පරිස්සමෙන් යන්න මිනිසුනේ (දී)
මේක ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න කරපු වැඩක් නම් ඉතින් මෙලහකටත් ක්ලේම් එක දාලා සල්ලිත් අරගෙන ඇති. (නි)
වාහනයේ අංක තහඩුව නැද්ද? ඒ.ටී .එම්. කාඩ් අංකයෙන් සොයාගන්න පුලුවන් නේද? අයිතිකරු ගඟ පතුළේද? (නි)
කාර් එකක් ගඟට විසිකරලා යන්න පුළුවන් තරම් සල්ලිකාරයෝ ලංකාවෙත් දැන් එහෙනම් ඉන්නවා ඈ?අපිත් දැන් එසේ මෙසේ රටක් නෙමෙයි! (නි)
සමහර විට රථයේ අයිතිකාරයා ගඟ පතුලේ ඉන්නවාද දන්නේ නැහැ? (බ)
පහරදී අයිතිකරු වාහනය සමඟම ගඟට දමා අනිත් පිරිස පැමිණි වාහනයෙන් පළාගොසින්වද්ද? (නි)
අයිතිකරුට කාරය එපාවෙන්න ඇති (නි)
ඒපාර මේ මොකක්ද? මේ පුංචි රටේ දැන් දැන් වෙන දේවල් දැක්කාම තව ඉස්සරහට මොන මොනව වෙයිද කියල හිතා ගන්න බැහැ. (බ)