කුඩා මෝටර් රථයකින් එළ ගවයින් තිදෙනෙක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අම්බලන්තොට මැලේකොළනිය දී අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
මෝටර් රථයේ පිටුපස ආසනය ගලවා ගවයින් තිදෙනා හිරකර ප්‍රවාහනය කරමින් සිටි බවත් මෙවැනි මෝටර් රථයක ගවයින් ප්‍රවාහනය කිරීම සැකයට තුඩු නොවන හෙයින් සැකකරුවන් මෙලෙස ක්‍රියාකර ඇති බවත් පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටවැඩිය පුද්ගලික බස් වල සෙනඟ පටවන හැටි දැකලා නැද්ද ? ආසන 42යි. නමුත් මිනිසුන් කීයක් පටවනවාද? (නි)
හරක් දැන් ගමන් යන්නෙත් කාර් වලින් ද ? (ර)
කාර් වලින් හරක් ගෙන යනවිට පිටට නොපෙනෙන පරිදි වාහනයේ තිර රෙදි එහෙමත් එල්ලා තිබුනද ? (ර)
මේ වගේ දවසකට අහිංසක සතුන් කී දෙනෙක් මියයනවා ඇද්ද? (නි)
මේ වගේ වැඩ කරන අයට හොඳ දඬුවම් දෙන්න ඕන නැතිනම් නැවත මේ වගේ වැඩ කරනවා. (ර)
හා... හා... නියම ඇඩ් එක. මගින් දෙදෙනෙකු හා ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කල හැකි ලොව කුඩාම කාරය - ගොවි මහතුන්ට වඩාත් සුදුසයි. (ර)
සල්ලිවලට තණ්හාවේ ඕනෑ ජඩ වැඩක් කරන මිනිස්සු (නි)
මේ කාර් එකෙන් මෙච්චර බරක් අදින්න පුළුන් උනාද?අනික මෙච්චර ලොකු සත්තු තුන්දෙනෙක් කොහොම රින්ගුවද ඒ අස්සට. (ර)
අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒසී කාර් එකක හරක් ඇද්දහම මොකද වෙන්නේ කියලා හිතෙන්න ඇති. හැමදාම උන් ලොරි වලම යන්න ඕනෑ නැහැනේ ඉතින් (නි)
පොලීසියේ අල්ලාගත් නිලධාරීන්ට උසස්වීමක් දීලා මේ කාර් එක රාජසන්තක කරන්න. දැඩි දඬුවමකුත් එක්කම. (නි)
බිබිල පැත්‍තෙත් එ් වගේ වැඩ පහුගිය කාලේ කළා. දැන් කරන වැඩක් තියනවා. පුලුවන්නම් නීතියෙන් අල්ලන්න. සතියකට දෙවතාවක් පාන්දර දෙකට තුනට විතර පිටකුඹුර නිල්ගල කියන හරියෙන් හරක් රංචු පිටින් එකට බදලා ගේනවා. උදේට බැලුවහම පාරේ ලේ විලක්. හරකුන්ගේ කුර කෑලිත් තියනවා. හොරපාරකින් කොටබෝවට අරන් යන්‍නේ. මේකත් පුදුම ජරා වැඩක්. (නි)
දැන් තේරෙනවද සුදුසුකම් නැති අය වාහන ගත්තම වෙන වැඩ අර ඇමතිතුමා කිව්වා හරි නේද.? (ර)
පව්කාරයෝ... (ර)
මොන හිතකින් මේ වැඩ කරනවද මේ මිනිස්සු... (ර)
උපරිම දඩුවම් දිය යුතුයි. (ර)
මෙහෙම කරපු අයව කන්න නොදී ඔය වගේ හිර කරලා තියන්න ඕනේ... (ර)
මේක අස්සෙත් දේශපාලනය තියෙනවද? එහෙමනම් මේ පොලිස් නිලධාරීන්ට දෙවියන්ගේම පිහිටයි! (ර)
අලුත් අදහසක් විදිහට වාහනේ වෙළඳපල වැඩි කරන්න මේ නිව්ස් එක පාවිච්චි කරයිද දන්නේ නැහැ. (ර)
මේ මිනිස්සුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න.(හේ)
මම හිතන්නේ අර ජෝන් මහත්තයා කිවුවේ මෙයාලා ගැන වෙන්න ඕනෑ (නි)
මේ අහිංසක සතුන් මොනතරම් අසරණද? (නි)
ඇති මේ සතුන්ගේ ජීවිත බේරුනා... (නි)
කොහොමද අප්පේ මේකේ මේ සත්තු පැටෙව්වේ? (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
මේ පොසොන් සතිය අාරම්භවුණා විතරයි අපිට මේ වගේ සිද්ධි අහන්න වෙනවනේ? (නි)
මඩු වලිගෙන් ගහන්න ඕනෑ, නඩු පැත්තක තියලා. (නි)
මේ හම්බකරන්නේ අඹු දරුවෝ රකින්නද? සත්ව හිංසාව කරලා හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන එක ගැන හිතල බලන්න. ස්වභාවික විපත් වැඩි මිනිසා දරුණු වෙලා නිසා. යහපත් විදිහට ජීවිතේ ගත කරන්න. (බ)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් නියම කර කාර් එක රාජසන්තක කළ යුතුයි..(බ)
අර අලි ගැන කතා කරන උදවිය කෝ මේ වගේ දේවල් වලට කතා කරනවා. (ර)
මොනතරම් ම්ලේච්ඡ අදහස් ඇති මිනිසු්න්ද අද ලොව ඇත්තේ? (නි)
මේ හරක් දෙන්න,පොසොන් ගැන නොදන්නවාද? අනේ මෙහෙමත් අය (බ)
පව් අසරණ සතා. බලන්න අසරණකම. (ර)