නාරාහේන්පිට උද්‍යාන පාරේදී අද අලුයම කාරයක් තාප්පයක වැදී ගිනි ගෙන එහි සිටි කොළඹ පෞද්ගලික සමාගමක විධායකයකු දැවී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු ගැන ලැබෙන තොරතුරු පරීක්ෂා කරන බවත්, ඒ අනුව මරණයට හේතුව අභිරහසක්ද නැද්ද යන්න තීරණය වනු ඇති බවත් පොලීසිය පවසයි.