දකුණු කොරියාවේ සේවය කරනා ශී‍්‍ර ලංකා ශ‍්‍රමිකයින් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර දීම සම්බන්ධයෙන් ඉදිකිරීම්,ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
පසුගිය දිනයන්හිදී දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැත්වුණු නිවාස හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් වූ සමුළුවට සහභාගීව සිට අමාත්‍ය විමල් වීරවංශ හා දකුණු කොරියාවේ ඉඩම්,යටිතල පහසුකම්,හා ප‍්‍රවාහන අමාත්‍ය සු සෙන් හුවන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී ඇතැයි සඳහන්ය.
ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද අමාත්‍ය දෙපළ අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෞදිවල පාලම් යට අව්වේ වේලෙමින් වතුර පොදක් නැතිව ජිවත් වන මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ. (ර)
හොඳ යෝජනාවක්. හැබයි ඇයි රටෙන් පිට රැකියාව කරන මිනිසුන්ට මොකටද දෙවිදියකට සලකන්නේ. අනික කොරියාවට වඩා 3ගුනයක් වැඩ කරන්නේ මැදපෙරදිග, අනික කොරියාවේ වැඩ කරන අයගෙන් 75% රුපියල් ලක්ෂ 2-3 පඩි ගන්න අය, ඒ උනාට මැදපෙරදිග වැඩ කරන අයගෙන් 75% ගන්නේ රුපියල් ලක්ෂ 1 ත් අඩු පඩියක්, එකෙනුත් වැඩිහරියක් රුපියල් 50,000 අඩු පඩි ගන්න අය. කොරියාවේ හා මැදපෙරදිග හැමෝම රට ගිහිල්ල ඉන්නේ එකම අරමුණු වලින් මෙය ඉතා අසාදාරන යෝජනාවක්. අපි කියන්නේ නැහැ මේ හැමෝටම ගෙවල් හදල දෙන්න කියල හැබයි පහසු ගෙවීමේ ක්‍රමයට නිවසක් හෝ නිවාස නයක් (පොලි රහිතව ) හරි දෙන්න පුළුවන් නම්... (ර)
මේකනේ වෙලා තිබෙන්නේ. කොරියා යන අය ඔක්කොම දේසපාලනය කරන අයගේ මිනිස්සුනේ.එයාල එයාලගේ අයටම කරගන්නවා. (බ)
ඕක කොරියාවට විතරක් සීමාවීම හොඳද? මැදපෙරදිග ඉන්න අපි එවන්නේත් විදෙස් විනිමය නොවේද? කොහෙන් ගියත් අපිටමයි කැපිල්ල. (නි)
අනේ! අපිට අපි ගැන දුක හිතෙනවා. අපිට මේ මොකුත් නැහැනේ! (නි)
අපිටත් සාධාරණයක් කරන්න (නි)
මොනවා වුණත් අපේ රජයේ හැම කටයුත්තක්ම වෙන්නේ අනිත් පැත්තටනේ.මේක ගැනත් කියන්න තියෙන්නේ එ්කම තමයි.ලංකාවට වැඩිම විනිමය ප්‍රතිශතයක් ගෙන එන්නේ මැදපෙරදිග රටවලින්. මෙම නිවාස ව්‍යාපෘතිය විදේශ රැකියාවේ නියුක්තියන් සියලු දෙනාම වෙනුවෙන් ඉදිකිරීමට කටයුතු කරනවානම් හැමෝටම වටිනවා.ඉසුරන්දි,සෆ්රින් කියනවා වගේ ගොඩක් දුක් විඳින මිනිස්සු ඉන්නේ මැදපෙරදිග රටවල.ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න කවුරුත් නැහැ. විමල් වීරවංස මහත්තයට විතරක් නෙමෙයි ඩිලාන් මහත්තයටත් ආරාධනා කරනවා මැදපෙරදිග රටවලට ඇවිත් බලන්න විදේශ ශ්‍රමිකයන් කොපමණ වෙහෙසක් මුදල් ඉපයීම වෙනුවෙන් මහන්සි වෙනවද කියල. කොරියාවේ සේවයේ නියුතු යට හෝ එසේ ලබාදීම ගැන සතුටුවෙනවා.නමුත් මැදපෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙනුත් යම් ව්‍යාපෘතියක් අරඹන ලෙස සැවොම වෙනුවෙන් ඉල්ලා සිටිනවා.. (අ)
ඇයි දකුණු කොරියාවේ විතරක්? එතකොට අනෙක් රටවල්? (නි)
මේක නම් හොඳ කටයුත්තක්. සුබ පැතුම්! (නි)
මේ ව්‍යාපෘතිය සදහා ආධාර මුදල් ලැබෙන්නේ දකුණු කොරියාවෙන්.විශේෂයෙන්ම මේ නිවාස ලබාදෙන්නේ කොරියාවේ සේවය කරන අයටයි.අනිත් රටවල සේවය කරන අපේ සහෝදර අයියල අක්කල නංගිලා මල්ලිලා හිත රිද්දව ගන්න එපා.අපටත් කරන්න දෙයක් නැ ඉතින්.(හේ)
අපේ ලංකාවට විදේශ විනිමය වැඩි පුරාම එන්නේ මැදපෙරදිග රටවලින් ඒ ගෙන අපේ රටේ කිසිම දේශපාලකයන් හෝ වග කියා යතු කවුරුට් කට කරන්නේ නෑ.ඒ මදපෙරදිග කිව්වම මිනිසුන් දකින්නේ තුනේ පන්තියේ රටවල් හැටියට නමුත් මේ ගැනත් සිතන්න.(හේ)
පිට රටවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවල් හදන්න ඕන නැහැ . කොරියාවේ ඉන්න මිනිස්සු හොද වැටුපක් ගන්නවා . එයාලට පුළුවන් එයාල ගැන බලා ගන්න . ලංකාවේ කොච්චර මිනිස්සු ඉන්නවද අඩු වැටුපක් ගන්න ඉන්න හිටින්න තැනක් නැති . ඒ අයට ඉන්න තැනක් හදලා දෙන්න.(හේ)
අහිංසක, ගෙයක් දොරක් හදාගන්න බැරුව මුළු ජීවිත කාලයම දුක්විඳින, දුප්පත් මිනිස්සු දිහා බලලා සළකලා බැලුවොත් නේද හොඳ? (නි)
කොරියාවේ විතරද ලංකාවේ අය වැඩ කරන්නේ? එතකොට අන් රටවල ඉන්න අය ලංකාවට අයිති නැද්ද? (ර)
එතකොට මැදපෙරදිග රැකියාව කරන මිනිසුන්ට මොකවත් නැද්ද. තුට්ටු දෙකට වැඩ කරන හුගදෙනෙක් ඉන්නේ මේ රටවලනේ. ඔය මහත්වරු මේවා ගැන කතාකරගන්න ඕනේ මේ වගේ රටවලටත් ඇවිල්ල. (ර)
දිනේෂ් (දකුණු කොරියාව) සහෝදරය මේ ලිපියේ කොරියාවෙන් ආධාර දෙන කතාවක් කියල නැහැ එකියි මේක ඉතා අසාධාරන යෝජනාවක් කියල කිව්වේ.කොහොමහරි අපේ කොල්ලොන්ට හොඳක් වෙනවා නම් එච්චරය් ජය වේවා...(බ)