කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගය මෙවර පරිගණක ඔස්සේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 15කදී ජූනි 20 සිට 23 දක්වා සිදුකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ස්ථානීය අගයට ලකුණු ලබාදීම සඳහා පරිගණක ආශ‍්‍රිතව පවත්වන පළමු විභාගය මෙය වෙයි. විභාග අක‍්‍රමිකතා අවම කිරීම හා නව ලොවට ගැලපෙන ලෙස විභාගය පැවැත්වීම මෙම ක්‍රමය හදුන්වාදීමට අරමුණු වී ඇත.
අනුරාධපුරය, බදුල්ල, මහනුවර, මාතර, රත්නපුර පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලවලින් හා ගාල්ල, කඩවත, සීදූව, තංගල්ල, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය, වවුනියාව, යාපනය හා පොළොන්නරුව යන කාර්යාංශයේ පුහුණු ආයතනවලදී අයදුම්පත් නිකුත් කෙරේ.
මෙම විභාගය පන්නිපිටිය දෙපානම අංක 205 ලිපිනයේ පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී ලබන ජූලි මාසයේ ආරම්භවීමට නියමිතය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අඅඅගිකඉෙැගකන යන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳ දෙයක් (නි)
විභාගය ඔන්ලයින් නම් ඔන්ලයින්ම අයදුම් කරන්න බැරි මොකද. (නි)
ඉතා හොඳයි (නි)