IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොරියා පන්සල ඉදිකිරීමට මුල් ගල් තබයි

( ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය,සෝල්,දකුණු කොරියාව ) - දකුණු කොරියාවේ ප‍්‍රථම ශ‍්‍රි ලංකා පන්සල (කොරියා - ශ‍්‍රි ලංකා මහාවිහාරය)  ඉදි කිරීම සඳහා සෝල් නගරයට සමීපව පිහිටි පියොන්ටෙක් නගරයේදී මුල් ගල් තැබිණි.

වර්ෂ 1977 දී ශ‍්‍රි ලංකාවත් දකුණු කොරියාවත් අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ වීමෙන් පසුව දකුණු කොරියාවේ ශ‍්‍රි ලංකා බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටුවීමේ මුල්ම අවස්ථාව මෙය වන්නේය.

තල්ගමුවේ ධම්මකීර්ති හිමියන් දකුණු කොරියාවේ ශ‍්‍රි ලාංකික ශ‍්‍රමිකයින් හා කොරියා විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන ශ‍්‍රි ලාංකික සිසුන්ගෙන් සැදුම් ලත් සදහම් මිතුරෝ  සංවිධානය මේ පන්සල පිහිටුවීමට මුල් වුහ.

ඔවුන් විසින් පරිත්‍යාග කළ ආධාර මුදල් වලින් මිල දී ගත් ඉඩමක මෙම බෞද්ධ විහාරස්ථානය ඉදි වෙයි.

ශ‍්‍රි ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා ඊට සභාගි වෙමින් කියා සිටියේ, මෙම ශ‍්‍රි ලංකා - කොරියා බෞද්ධ විහාරස්ථානය පිහිටුවීමෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇතුළු කොරියාවේ වසන දහස් සංඛ්‍යාත ශ‍්‍රි ලාංකික ප‍්‍රජාවට මේ පන්සලෙන් පිළිසරණක් මෙන්ම අධ්‍යාත්මික, ආගමික, සාමාජයික හා අධ්‍යාපනික අතින් අනගි මෙහෙයක් ඉටුවනු ඇති බවයි.

එමෙන්ම කොරියා - ශ‍්‍රි ලංකා බෞද්ධ සංස්කෘතික මිතුදම හා සහයෝගිතාවය තව දුරටත් ශක්තිමත් කිරීමටත් මෙම බෞද්ධ මධ්‍යස්ථානය දායක වනු ඇතැයි ද , ඉන් අමිල කාර්යභාරයක් අනාගතයේදී ඉටු වෙනු ඇතැයිද ප‍්‍රකාශ කළේය.

මෙම කොරියා - ශ‍්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා දැනට මිල දී ගෙන ඇති පර්චස් 38 ක දර්ශනීය භුමි භාගය 2017 වනවිට පර්චස් 108 පමණ ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්තකර විහාරයක් සහිත දාගැබක් ඉදි කිරීමට බලාපොරොත්තු වේ.



අදහස් (0)

කොරියා පන්සල ඉදිකිරීමට මුල් ගල් තබයි

කසුන් Thursday, 22 May 2014 11:46 AM

හොඳ වැඩක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site