( ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය,සෝල්,දකුණු කොරියාව ) - දකුණු කොරියාවේ ප‍්‍රථම ශ‍්‍රි ලංකා පන්සල (කොරියා - ශ‍්‍රි ලංකා මහාවිහාරය) ඉදි කිරීම සඳහා සෝල් නගරයට සමීපව පිහිටි පියොන්ටෙක් නගරයේදී මුල් ගල් තැබිණි.
වර්ෂ 1977 දී ශ‍්‍රි ලංකාවත් දකුණු කොරියාවත් අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ වීමෙන් පසුව දකුණු කොරියාවේ ශ‍්‍රි ලංකා බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටුවීමේ මුල්ම අවස්ථාව මෙය වන්නේය.
තල්ගමුවේ ධම්මකීර්ති හිමියන් දකුණු කොරියාවේ ශ‍්‍රි ලාංකික ශ‍්‍රමිකයින් හා කොරියා විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන ශ‍්‍රි ලාංකික සිසුන්ගෙන් සැදුම් ලත් සදහම් මිතුරෝ සංවිධානය මේ පන්සල පිහිටුවීමට මුල් වුහ.
ඔවුන් විසින් පරිත්‍යාග කළ ආධාර මුදල් වලින් මිල දී ගත් ඉඩමක මෙම බෞද්ධ විහාරස්ථානය ඉදි වෙයි.
ශ‍්‍රි ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා ඊට සභාගි වෙමින් කියා සිටියේ, මෙම ශ‍්‍රි ලංකා - කොරියා බෞද්ධ විහාරස්ථානය පිහිටුවීමෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇතුළු කොරියාවේ වසන දහස් සංඛ්‍යාත ශ‍්‍රි ලාංකික ප‍්‍රජාවට මේ පන්සලෙන් පිළිසරණක් මෙන්ම අධ්‍යාත්මික, ආගමික, සාමාජයික හා අධ්‍යාපනික අතින් අනගි මෙහෙයක් ඉටුවනු ඇති බවයි.
එමෙන්ම කොරියා - ශ‍්‍රි ලංකා බෞද්ධ සංස්කෘතික මිතුදම හා සහයෝගිතාවය තව දුරටත් ශක්තිමත් කිරීමටත් මෙම බෞද්ධ මධ්‍යස්ථානය දායක වනු ඇතැයි ද , ඉන් අමිල කාර්යභාරයක් අනාගතයේදී ඉටු වෙනු ඇතැයිද ප‍්‍රකාශ කළේය.
මෙම කොරියා - ශ‍්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා දැනට මිල දී ගෙන ඇති පර්චස් 38 ක දර්ශනීය භුමි භාගය 2017 වනවිට පර්චස් 108 පමණ ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්තකර විහාරයක් සහිත දාගැබක් ඉදි කිරීමට බලාපොරොත්තු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (අ)