පසුගිය ජනපතිවරණ සමයේ තමාගේ හඟුරන්කෙත රිකිල්ලගස්කඩ පක්ෂ කාර්යාලයත් පසුගිය අගෝස්තු 1 වැනිදා මාදිවෙල තම නිවසත් ගිනි ගැනීම පෙර කරුමයක් පල දීමක් ලෙස හිතෙන බව හිටපු ඇමැති සි.බි රත්නායක කියයි.
තමාගේ හා බිරිදගේත් තම දරුවන්ගේත් මුළු සේසතම අළු වී ගිය බව ද ඔහු පවසයි. ඒ පාඩුවට පසු තමාගේ විශ්වාසවන්තම, ආරක්ෂකයා හා සේවකයා වු රියදුරාගේ මරණය ද දරා ගන්නට නොහැකි බව ඔහු සඳහන් කරයි.
රත්නායක මහතාගේ රියදුරු ප්‍රේමසිරි ඔහුගේ කුරුදුවත්ත නිවසේ දී මියගොස් සිටි බවද හිටපු ඇමැති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ට ගිනි වතුර දීල ගන්න ඒවා යාදෙන්නේ නෑනේ....... (ම)
කරුම කවදා හරි කොහොම හරි පරිසන් දෙනවා (ම)
මේ අඬන්නේ මොනවා හරි වහගන්නද? (නදී)
රියදුරු නැතිවීම සැකයි වගේ. (නදී)
සාධාරණ වස්තුවක් නම් නැවත ලැබේවි (ම)
තව ලොකු ගෙයක් තියෙන්නේ කොළඹ සරසවියට බද්දට දීපු! නරක නැහැ වගේ ඇමතිකම!!!!! (ම)
බැංකු වල තිබෙන ධනය දැවී අළුවී ගියේ නැහැ නේද? (නි)
විශ්වාසවන්තම සේවකයා නම් ඔහුව සැක කිරීම නිසා වූ සිත් තැවුලෙන් වස පානය කළා වෙන්නේ කොහොමද? (ම)
කරුමයක් නිසා පරීක්ෂණ කරන්න ඕන නෑ කියලද කියන්නේ? එහෙම කාලයකුත් තිබුණා. (බ)
ගෙවල් ගොඩාක් තිබ්බාම හරි කරදරයි. ඒ මදිවාට නිල නිවසකුත් බාරගෙන.(නදී)
වැරදි ගේ වගේ ගිනි අරන් තියෙන්නේ ?(නදී)
අහිංසකයා පව් (නදී)