
(ගයාන් සූරියආරච්චි, පියදාස සමරවීර සහ ත්‍රිකුණාමල අමදෝරු අමරජීව)
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක් වැරදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ තරුණයකු අද (16) අලුයම එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කේ.ඩි.චන්දන මනෝජ් ජයසිංහ නැමැති අවුරුදු 26 ක් වන කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
වෙඩික්කරුවන් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක් පමණ එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
දැනට විදෙස් රටක සිටින පුද්ගලයකු ගේ බිරියක සමග ශ්‍රීපුර ප්‍ර දේශයේ පුද්ගලයකු අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර විදෙස් රටක සිටින පුද්ගලයාට ඒ බව සැලවීමෙන් අනතුරුව එම පුද්ගලයා ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව දැන සිදුකළ විමර්ශවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ගැමුණු පුර ප්‍රදේශයේ කාපට් මාර්ගයක වී වේලීම සඳහා මාර්ගයේ වී අතුරා තබා සතුන්ගෙන් ආරක්ෂාකරමින් එම ස්ථානයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අවිවාහක පුද්ගලයකු වන අතර ඔහු අනියම් සම්බන්ධතාව මත කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා නොවන බව ද පොලිසිය පවසයි.
ඝාතනය වූ පුද්ගලයා ද එම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයාගේ හැඩරුවට සමාන පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.
කොපමණ මුදලකට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත්තේද, සැකකරුවන්ට ගිනි අවි ලැබුණේ කෙසේද යන්න පිළිබදව විමර්ශන සිදුකිරීම සදහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන්නේ නැද්ද කොන්ඩේ රැවුලේ හැටි. මෙහෙම ඉන්නකොට ඉතින් වෙඩි තියනවා කියන එක අහන්නත් දෙයක්ද...? ඔබතුමාට නිවන්සුව ලැබේවා...!
දැන් ගොඩක් පිරිමින්ට රැවුල නැත්තේ ඒ පිරිමින්ට රැවුලක් ලබන්න හෝ පිරිමි ගති ලබන්න පින නැති නිසා. අනුන් නොරැවටීම, සත්‍යවාදී වීම, ධර්මයට ගරු කිරීම ආදී දේවල් වලට අදාල පින් ඕනෑ පිරිමි ගති ලබන්න.
තුවක්කු අතේ තියාගෙන පාරේ යන කොල්ලන්ට කේන්ති යන විදියට කොන්ඩේ, රැවුල මෝස්‌තර දාන්න හොඳ නෑ.නිකරුනේ වෙඩි කන්න වෙනවා. ඉලක්කය හොයාගෙන යනකොට මේ තරුණයාව දකින්න ඇති. ආපු වැඩේ පැත්තක දාල මේ තරුණයාට වෙඩි තියලා උන් යන්න ඇති. වැරදී වැඩ කරන උන්ගේ පාරේ යන්න එපා. ටැටූ, කරාබු, කොන්ඩ, රවුල් වාගේ ඒවා මෝස්‌තර කරලා පාරේ, සමාජයේ හැසිරෙන්නේ පරෙස්සමින්. පුළුවන් තරං හැංගිලා ඉන්න ඕනේ..