(චන්දන ප්රනාන්දු )
වෙන්නප්පුව ලුණුවිල කර්මාන්ත පුරයේ පිහිටි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ඇතිවූ ගිනි ගැනිමකින් අපනයනයට සුදානම් කරමින් තිබු විශාල භාණ්ඩ ප්රමාණයක් ගින්නට හසු වි ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
එහි තිබු යන්ත්ර සූත්ර හා අපනයනයට සුදානම් කර තිබු කොහු දැල් විශාල් ප්රමාණයක් විනාශවී ගොස් ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වන බව හිමිකරු සුසන්ත ලංකා මහතා පැවසීය.
සේවකයන් වැඩ නිම වි ගිය පසු කාර්මාන්තශාලාව දෙසින් ආ දුමක් හේතුවෙන් එහි මුරකරු ඒ පිළිබඳ සොයා බැලිමේදි ගිනි ගනිමින් තිබු ගබඩා කාමරය දැක තිබේ. ගින්න පිළිබඳව එහි හිමිකරුවට දන්වා ප්රදේශවාසින් සමග ගින්න නිවා දැමිමට උත්සහ කළත් ඒ වනවිටත් ගින්න විශාල ප්රදේශයක පැතිරි තිබී ඇත.
හලාවත නගර සභා ගිනි නිවිම් ඒකකයේ හා වෙන්නප්පුව ප්රාදේශිය සභා වතුර බවුසරයේ සහායෙන් ගින්න මැඩ පවත්වා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා මෙය පවසන්නේ ඉතාමත් වගකීමකින් යුතුවයි... පහුගිය දිනවල හලාවත, මාදම්පේ, වෙන්නප්පුව, මාරවිල යන ප්රදේශවල පැවති වියලි කාලගුණික තත්වය මත ඉතාමත් සුළු දෙයකින් පවා මෙවන් ගිනි ගැනීම් බොහොමයක් සිදු වුනා. ජනවාරි මස 18වන දින මාදම්පේ පිහිටි තොග බදු කඩයක් වින්නට හසුවී පිළිස්සෙන විට එහි හිමිකරු හලාවත ගිනි නිවන ඒකකයේ සහය ඉල්ලු විට රුපියල් 30,000/- ක අත්තිකාරමක් වෙන්නප්පුවට ගෙවා පැමිණෙන ලෙස එහි හිමිකරුට පවසා ඈත. මෙම සුදුවීම වන විට වෙලාව පෙරවරු 5.30 ට පමණ විය. පසුව ඔහු කටුනායක හෝ මීගමුව ගිනි නිවන ඒකකයට දැනුම් දී ඈත. ඔවුන් පෙමිනෙන බව පවසා පෙරවරු 6.30 ට පමණ ඔවුන්ට පැමිනීමට නොහෙකි බව පවසා ඈත. එම ප්රදේශයේ වෙසෙන මා සේවය කරන ආයතනය ගෙන දන්නා අප ආයතනයේ (Lanka Coco Products) කොහු සැපයුම් කරුවෙකු මා අමතා අප ආයතනයේ එති ගිනි නිවීමේ යන්ත්රය ලබාදෙන මෙන් කල ඉල්ලීමට ම ෂණිකව කිරිය කොට අප ආයතනයේ ගිනි නිවීමේ යන්ත්රය භාවිත කොට එහි ක්රියා කරුවන්ගේ, මගේ සහ අප ආයතනයේ ප්රධාන විදායක නිලදාරී තුමාගේ සහයෙන් පෙරවරු 10.30 වන විට ගින්න සම්පුර්ණයෙන් පාලනය කෙරුහ. ඉන් පසුව මුදල් ගෙවන ලද හලාවත ගිනි නිවන රථය පැමිණියේය.