
(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදු කිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශීය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd