IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කරාපිටිය සුළු සේවකයන් රිමාන්ඩ්

(ඩී.ජී. සුගතපාල)

කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය.

එදිනට හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

මෙසේ රිමානඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල කොට්ටවගම පදිංචි අනෝමා නිලන්ති සුබසිංහ, අකුරැස්ස දියලපේ පදිංචි සුජිවන් විජේසිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදිප් ලාල් ජාගොඩ යන සෞඛ්‍ය කාරය සහායකයක තිදෙනා වෙති.

ඉකුත් 16 වනදින පැවති වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට ප්‍රකාශකර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයන් වර්ජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාරය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයන් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා  කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

කරාපිටිය සුළු සේවකයන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site