ගාල්ල, කරාපිටිය රෝහලේ ගින්නෙන් එහි ආපනශාලාව විනාශ වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. ඊට යාබද ව ඇති පාරිභෝගික ශල්‍ය උපකරණ ගබඩාවේ තිබූ උපකරණවලට ද ගින්නෙන් හටගත් දැඩි රස්නය හේතුවෙන් හානියක් සිදුව ඇත්දැයි සොයා බලන බව ද අධ්‍යක්ෂ වරයා කියා සිටියේය.

ගින්නට හේතුව විදුලි කාන්දුවක්යැයි සැකයක් පැවතිය ද පොලිස් වාර්තාව ලැබෙන තුරු ඒ ගැන ස්ථිර වශයෙන්ම කිව නොහැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ සිදුවූ හානිය ගණනය කැර නොමැති බවයි. ආපන ශාලාව පවත්වාගෙන යන්නේ ටෙන්ඩර් කැඳවීමෙන් පුද්ගලික අංශයට ලබා දීමෙනි. එහි තිබූ උපකරණ සියල්ල එම ටෙන්ඩර්කරුවා සතු උපකරණ බව ද රෝහල් ආරංචි පවසයි.

SAM_1226 SAM_1227 SAM_1235

(ඡායාරූප - අමිල මධුශංක)

031 032 033 036 ka

(ඡායාරූප - රවී ලියනගේ)