ගාල්ල කරාපිටිය රෝහලේ කසළ දාහකයේ චිමිනිය නැතිව රාත්‍රී කාලයේ කසළ පිලිස්සීමෙන් හිසකරකැවිල්ල, වමනය ආදි ආබාධ රැසකට මුහුණ දී ඇතැයි අවට දිංචිකරුවෝ කියති.
පසුගිය 08 දා ඇතිවූ සැඩ සුළඟින් මෙම කසළ දාහකයේ චිමිනිය කොටස් තුනකට කැඩී බිම පතිත විය. රෝහල අවට පදිංචිකරුවන් පවසන්නේ දැන් චිමිනිය නැතිව එහි කසළ පිලිස්සීම හේතුවෙන් තම නිවාස කළු දුමාරයකින් වැසී යන බවයි.
එම්.බී.එම්.ෆුරුකාන් මහතා (43)
මේ දුම නිසා අපේ නිවෙස් වලට ඉන්න බැරිවෙලා. එළිවෙනතුරු දුම් එනවා. පොඩි ළමයින්ට කැස්ස එනවා. වමනය කරනවා.
ඒ.ජී.සිසිර කුමාර මහතා (34)
දැන් චිමිනිය කැඩුනට පස්සේ රෑ හතට විතර තමයි පුච්චන්න පටන් ගන්නේ. මේකේ ප්ලාස්ටික් පවා පුච්චනවා. රෝහල අසළ ජීවත්වෙන අපි මේ නිසා ලෙඩ වෙනවා.
මෙය අලුත්වැඩියා රුපියල් ලක්ෂ 50 ක් පමණ වැයවන බවත් අමාත්‍යාංශයට ඒ බව දන්වා ඇති බවත් පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියා සිටියේ විරෝධතා හේතුවෙන් කුණු පිළිස්සීම නවතා දැමීමට සිදුවුවහොත් රෝහල වසා දැමීමට සිදුවන බවයි. විකල්පයක් ලෙස සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පෝරණු යොදාගෙන කුණු පිළිස්සීමට හැකි ද යන්න සොයා බලන බවත් ඒ මහතා කීවේය.
සමස්ථ ලංකා සුව සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සරත් ජයන්ත මහතා පවසන්නේ ලේ බැංකුව ද රාත්‍රී කාලයේ කළු දුමාරයෙන් වැසී යන බවයි. මේ හේතුවෙන් රෝහලේ සේවක සේවිකාවන් මෙන්ම රෝගීන් ද අනතුරේ හෙලා ඇතැයි ද ඒ මහතා කීවේය.
කරාපිටිය පාරිසරික හා ප්‍රජා සංවර්ධන සමිතිය ද මේ සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්‍රකාශ කරමින් බලධාරීන් දැනුම්වත් කැර ඇති බවත් කුණු නිවැරදි පාරිසරික ක්‍රමෝපායයන් නොමැතිව කුණු පිළිස්සීම වහාම නතර නොකළහොත් නීතිය ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ද එම සංවිධානයේ සංවිධායක වරයා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරුන්ගේ පහසුවටත්,පහසුකම් සදහාත් කෝටිගණන් වියදම් කර ගෙන්වන වාහන, සුඛෝපභෝගී ජීවිත සදහා ලබා දී ඇති වරප්‍රසාද මහජනතාවගේ සුභ සිද්ධියටත් මේ වගේ යමකට ලක්ෂ 50 ක් වියදම් කරන්න මැලිවෙනවා නම්.....? රටේ ජනතාවගේ ජීවිත වලට බලපෑමක් සිදු වුන ඕනෑම වෙලාවක ජනතා මුදල් ඒ සදහා වැයකිරීමට රජය වග බලා ගතයුතුයි (නි)
මෙය ප්‍රධාන රෝහල් අවට ජීවත්වන ජනතාවට නිරන්තරයෙන් විඳින්නට සිදුවන දුෂ්කරතාවයක් බැවින් ඇමතිතුමා මැදිහත්වී ස්ථාවර හා කල්පවතින විසඳුමක් මීට ලබාදිය යුතුයි. කැඩුණු චිමිනිය පාස්සා අලුත්වැඩියා කිරීමට වැයවන්නේ ඉතා සුළු මුදලක්. අලුතෙන් සුදුයකඩ චිමිනියකුත් ලක්ෂ කීපයකින් සාදා සවිකළ හැකියි. එවිට චිමිනිය ලස්සනට දිස්වෙනවා පමණක් නොව මළ කන්නේද නැති නිසා කඩා වැටෙන්නේත් නැහැ. රෝහල් වල නඩත්තු කටයුතු වෙනුවෙන් වැයකරන මුදලින් වැඩිකොටස යන්නේ කොන්ත්‍රාත්කාරයින්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට. මෙය වහාම නැවැත්වීමට පියවර ගතයුතුයි.(නි)
මේ රෝහල අවට ඉන්නේ හරිම වාසනාවන්තයෝ. ඇයි, ජරා වායු ආශ්වාස කරලා ලෙඩ වෙනකොටම අත ළඟ ඉස්පිරිතාලෙ තියෙනවා. හරියට අර ගිලන් රථයේ හැප්පුන මනුස්සය වගේ. ඇක්සිඩන්ට් වෙනකොටම ගිලන් රථය ඇවිත්.(නි)
මම පහුගියදාක 12 වාට්ටුවට රාත්‍රියක ලෙඩෙක් අරන් ආවා. ඒ වෙලාවේ මේ දුම වාට්ටුවේ පිරිලා. ලෙඩ්ඩු තියා කාර්ය මණ්ඩලය හිටියෙත් නාස් වහගෙන. මේවට නඩු දානවා නම් වෙනම උසාවියක් දාන්න වෙයි. ඔතන විෂ සහිත බෙහෙත් වල ඉවතලන ඇසුරුම් පවා ගොඩගහලා තියෙනවා. වැහි වතුරත් එක්ක සේරම භූගත ජලයට එක් වෙනවා. දන්නා කෙනෙකුට මම නම් කරාපිටිය අවටින් ඉඩම් ගන්න කියන්නේ නැහැ(නි)
මේ වගේ පරිසරයක ඉන්න දරුවෝ ලෙඩ වෙන්න කසල පුලුස්සන්නම ඕනෑ නැහැ.චිමිනියක් නැතුව පුච්චන එක ඉතා වැරදියි.(නි)
අනේ ඉතින් අර රෝහලේ අධයක්ෂක තුමාට ලිඛිතව දැන්නුවානම් ඉවරයි නේ. එයා කියයි මේක ප්‍රමුඛතාවය දෙන්න ඕන කාරණයක් නෙවෙයි කියලා. හැබැයි අවසරයක් නැතුව ෆොටෝ එක ගත්තට මාධ්‍ය වේදියාට නම් පොලීසියට යන්න වෙයි.(නදී)
ලෝකේ හැම රටකම ඔහොම තමයි. අපේ රටේ ඉන්න දේශාලයක් නැති අය තමයි කෙනෙහිලි කරන්නේ. (නි)