(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් මිල රුපියල් 2,545 ක් දක්වා ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ද, ඉහළ දමා ඇත.
මෙහිදී කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් 600 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 230 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මේ අතර ළදරු කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1000 කට ආසන්න මුදලින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිරිපිටි මිල යළි ඉහළට
siri Sunday, 15 May 2022 09:07 PM
හිතක් පපුවක් තියෙනවද.? දුප්පත් මිනිසුන්ට කිරි තහනම් වගේ.
VinuTuesday, 17 May 2022 03:35 PM
දුප්පත් මිනිස්සුන්ට තියා, පෝසත් මිනිස්සුන්ටවත් එළකිරි අවශ්‍ය නැත. එළකිරි අවශ්‍ය වසු පැටවුන්ටයි.. මේ සරල සත්‍යය තේරුම් ගැනීමට මන්දබුද්ධික මිනිසාට නොහැක.
AB Monday, 16 May 2022 08:30 AM
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගන්නේ නම් කැනඩාව, ඇමෙරිකාව වැනි රටවලින් දියර කිරි 1%, 2% or 3% ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු නොකරන්නේ මන්ද ? එසේ කිරීමට හැකිනම් මේ අවස්තාව කිසිවකුට දියරකිරි ගෙන්වා බෙදා හැරීමේ වියාපාරයක් අරඹ කිරීමට පවා හැකියාව පවතී. මාසයකට අදික කාලයක් ශීතකරණයේ තබාගත හැකිවේ.
ජනිත් Monday, 16 May 2022 09:25 AM
රටේ තීන්දු තීරණ ගන්නෙ කකුල් දෙකේ හරක් උනාම මෙහෙම තමයි.. වැඩිය කිරි එරෙන හරක් ගේනව කියල කීප සැරයක්ම මගඩි කීපයක්ම කරල, සාක්කු පුරව ගත්ත. තාවකාලිකව හරක් මරණ එක නවත්තල, කිරි සහ ගොම ලබාගැනීම ඉලක්ක කරල වැඩ පිළිවෙලක් හදන්න ඔලුවට අදහසක් එන එකෙක්වත් පාලකයො අතරෙ නැද්ද? චූං පාං මල්ලිලාටම කියල කිරිටික බෙදා හරින්නත්, ගොමටික දැනට කුණු එකතුකරනව වගේ එකතුකරල පොහොර හදන්නත් ක්‍රමයක් නැතිද? මේ පාර්ලිමේන්තුව තියෙන තැනේ මොකක් හරි භූමි දෝශයක්ද මන්දා.. ඒක ඇතුලට යන උන්ට මහපොළොව අමතක වෙලා, ඔල්මාද වෙන බවක් තියෙන්නෙ..
VinuTuesday, 17 May 2022 03:33 PM
කිරි බොන ඔක්කොම හරක් තමයි, නැත්නම් මොකටද එළකිරි...? අම්මෙකුට කිරි එරෙන්නේ තම දරුවා වෙනුවෙන්..., මිනිස් වසු පැටව් කියලද හිතාගෙන ඉන්නේ? එළදෙනුන්ට කිරි එරෙන්නේ තමුන් වෙනුවෙන් කියලයි. ලැජ්ජා නැද්ද කිරි දරුවෙකුගේ කිරි ටික උදුරාගෙන බොන්න... තමුන්ලා වගේ පවුකාරයින් නිසා තමයි මනුස්ස සංහතියට මෙහෙම වෙලා තියෙන්නේ...