
(ආර්.එෆ්.එම්.සුහෙල්)
අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහළ මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම්වල රැදිසිටිහ.
වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම්වල රැදි සිටින බව නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.
කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය. අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.
අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය බෙදා හරින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැට නම ලක්ෂයේ එහෙම වෙද්දී තව කවුදෝ කෙනෙක් "කුළුඳුල් මිනිබිරිය දැක බලාගන්න සැප්තැම්බර් මාසයේ විදේශ නිල සංචාරයක් සුදානම් කරන්නලු" උත්සාහ කරනවා කියන්නේ. අවසර ලැබෙයිද දන්නෙත් නැහැ ඇත්ත කතාවක්ද කියල දන්නෙත් නැහැ.
හරක්ගේ කිරි බිව්වේ නෑ කියලා මැරෙන්නේ නැහැ, රටට කිය කලක්.