කොළඹ නෙළුම් පොකුණේ රාජකාරි කරන හමුදා ලුතිනන් කර්නල්වරයෙකුගේ බිරියකට (45) අතුරුගිරිය නිවසේදී වෙඩිතබා ඇතැයි පොලිසිය කියයි.
ඇය ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කාන්තාවට කිහිපවරක්ම වෙඩිතබා ඇති බව ද පොලිසිය පවසයි.
අතුරුගිරියේ යුද හමුදා කර්නල් වරයාගේ බිරිය ජීවත් වූ නිවෙස අවට ආරක්ෂිත කැමරා පරික්ෂා කරගෙන යන බව පොලිසිය කියය. මේ අතර බිරිය සිටි එම නිවසට නොයන ලෙස කර්නල් වරයාට උසාවි තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි ද දැනගන්නට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ! මේ මොන අපරාධයක්ද? (නි)
රවී කරුණානයක ඇමති තුමා කිවේ ,අපිට බලය දෙන්න ,අපි පාතාලය නතර කරනවා කියලයි ,යහපලන් ආණ්ඩුවට බලය ලැබුණු ගමන්ම පාතාල ක්‍රියාකාරිත් වය 10 ගුණයකින් වැඩිවෙලා. අර අපේ පොලිස්පතිතුමා ලොකුවට කතා කළාට තාම මේ අපරාධ රැල්ල නතර කරන්න උන්නැහෙටත් බැරිවුනා (බ)
පව් කාර මිනිහම තමයි මේ අපරාදේ කරලා තියෙන්නේ ..? එදා කොටිය පිටින්ගිය සියල්ල ..අද පාතාලය පිටින් තියල නිදහස් වෙන්න බලන දික් කසාද වෙච්ච ස්වාමියෝ ..? (බ)
ඈ දන්නේ නැද්ද එයා ඉන්නේ නීතිය නවන්න විතරයි නොවැ. (බ)
බණ්ඩාර, මෙතන ගෙදරක වුනු මරගාතයක් කියලයි පෙනෙන්නේ. යහපාලනය පත අට එකට හින්දවලා පොවන්ට බැහැ. විනය, සදාචාරය පිරිහුණු සමාජය ගොඩගන්න අමාරුයි. (ර)
මේවා පෞද්ගලික පලි ගැනීම් මෙවැනි අපරාධ කොයි රජය ආවත් කිසිම රටක නවත්වන්න පුළුවන් දේවල් නෙමේ. (ර)