මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු හමුදා සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපූස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය රහස් පොලීසි අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අද(29) නොතීසි නිකුත් කළේය.
මෙම රිට් පෙත්සම විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් ගේ බිරින්ඳෑවරුන් වන ටී.සුදර්ශනී, පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න යන මහත්මීන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, එහි සමූහ කොල්ලකෑම් පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා, එහි සහකාර පොලිස් අධිකාරී ෂර්නි අබේසේකර, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරියන්ගේ සැමියන් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.ප‍්‍රියන්ත කුමාර,කෝප‍්‍රල් අනුර ජයලත්, ලූතිනන් කර්නල්වරුන් වන ටී.ටී.ඩී.ප‍්‍රමෝද් සිරිවර්ධන සහ එස්.ඒ කුමාරරත්න යන මහත්වරු පසුගිය අගෝස්තු 24 වැනිදා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, නමුත් පසුව ඔවුන් අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ඔවුනට එරෙහි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින බවද පෙත්සම්කාරියන් කියා සිටී. එලෙස රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවත්,එම නියෝග යටතේ පැය 24කට වඩා රඳවා තබා ගත නොහැකි බවත් මෙමඟින් ඔවුන්ගේ මූලිත මිනිස් අයිතාවාසිකම් කඩවී ඇති බව සඳහන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරියෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් එකයි.(හේ)
ෆාරා නෝනා , චන්න බුවනෙක මහතා කිව්වා විදිහට ජාති ද්‍රෝහියා ගේ බිරිය යයි කියන කාන්තාව කරන සජීවී කතාවවට සවන් දී බලන්න මේ කියන ජාති ද්‍රෝහියා කියලා කියන දේ . මේවා කවුරුවත් එඩිට් කරපු වීඩියෝ නොවේ , කෙලින්ම සුද්ද සිංහලෙන් කියන්නේ මාධ්‍යට . බලන්න කරුණාකර , සුසිරි , ලක්මාල් , සරත් මහත්වරු රට වෙනුවෙන් කතා කිරීම අගය කරමි (බ)
මේ අය ත්‍රස්තවාදය අවසන්කිරීමට දායකවුණා කොටින්ව විනාශ කළා කියලා අහිංසක මිනිසුන්ව මරන්න බලයක් නැහැ. එ්කතමා අපේ රටේ සිදුවුනේ..(බ)
ඔයාල මොනවාද මේ කියවන්නේ? එක්නැලිගොඩ ගැන ආය පරීක්ෂණ නෑ ඔහු කොටි සාමාජිකයෙක් බව නොදැන නෙවෙයි මහින්දට මඩ ගහල ජන්ද දිනන්නයි ඔය එක්නැලිගොඩ නාඩගම රඟදැක්වූවේ චන්න බුවනක සල්ලි වලට ජාතිය පාවල දීලා මිනිස්සු මරන්න සලස්වන එවුන් ගැන ඔයාට තියෙන්නෙ පහන් හැඟීමක්ද?(බ)
රට බේර ගත්ත කියල කාටවත් මිනි මරන්න ලයිසන් දීල නැහැ (බ)
එක්නැලිගොඩ වැරදියි කියන අය තව පාරක් හිතලා බලන්න (නි)
ප්‍රියංකර,එතකොට කොටි විනාශ කරපු හමුදාවද වැරදි? කිරි දරුවන් පවා අමානුෂික විදියට මරලා දාපු කොටි සාන්තුවරයො? අනේ! ඔයාලා වගේ අය ඉන්න රටක දිවි නොතකා යුද්ධ කළ එකයි රණවිරුවන් කළ වරද (නි)
කවුරු වුණත් මුලින්ම හිතන්න ඕනෑ තමන්ගේ රට ජාතිය ගැන (නි)
මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ කවුරු හෝ අයථා අන්දමට මිනීමරා තිබෙනවා නම් ඒ හැම එකක්ම හොයලා දඬුවම් දෙන්න ඕනෑ. (නි)
එක්නැලිගොඩ කියන්නේ යුද්දේ කළේ ලංකාවට විරුද්ධව තදින්ම වැඩ කරපු මිනිහෙක් රට බේරාගත්තු මිනිස්සු හිරගෙදරට යවන ද්‍රෝහියෝ රජ කරවන රටක් මේක (ම)
මවුබිමට එරෙහිවන්නන්ට දෙන දඬුවම මොකක්ද? (නි)
අබය මහතා අණ දීපු කෙනා ප්‍රසිද්ධ පුද්ගලයෙක් , ගිය ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ අති ප්‍රබලයෙක් , ඉතින් කොහොමද අල්ලන්නේ ? (බ)
ප්‍රියංකර , කමල් වීරවංශ , හනීෂ මහත්වරුනේ , ඔබතුමාලා දන්නවද වගකීමෙන් ආරක්ෂා වීමේ පනත , අපිට නිතිය උගන්නපු ඉංග්‍රීසි ජාතින් මීට වසර දෙතුන් සීයකට පෙර තම ආරක්ෂා හමුදාව වගකීම් වලින් ආරක්ෂා කර ගැනීමට මේ පනත ලොවට හදුන්වා දුන්නා . ඉන්පසු මේ නිතිය 1982 හා 1988 හා ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීමට බලය ලබා ගත් පක්ෂය ලංකාවට හදුන්වා දුන්නා. 1982 දී එතරම් පාවිචිචි නොකළත් , 1988 දී නම් මෙය ඉතා හොදින් ක්‍රියාත්මක් වුනා . ඒ මොකටද කියා ඔබතුමන්ලා දන්නේ නැතිනම් එවකට හිටි වැඩි හිටි නිර්පාක්ෂික උදවියගෙන් අසා දැන ගන්න . එදා ඒ පනත් ඉදිරිපත් කළේ කාව ආරක්ෂා කරන්නද , මොන වරදින් ආරක්ෂා කරන්නද ? එතකොට කෝ අද ඒ වගේ පනත් ? එදා ඒ පනත ගේනකොට මම හිතන විදිහට වර්තමාන අගමැති තුමා යෞවන හා රැකියා ඇමති මේ අතීතය ය දැන ගෙන ඔබතුමන්ලා මගේ නමින්ම මා විවේචනය කරන මෙන් ඉල්ලා සිටිමි මා වැරදි නම් , ඒ එසැන තීරය හරහා අප ජනතාවට යැවිය යුත්තේ පාට කන්නාඩි වලින් බලන වැරදි හෝ විකෘර්ති මත වාද නොවේ , සත්‍ය පමණකි මේ සත්‍ය යනු සත්‍ය ලෙස පිළිගත හැකි සහ ඔප්පු කළ හැකි සත්‍ය පමණකි . එවිට පමණි ඇති විශාල මුදල් කන්දරාවක් වියදම් කර මේ ලංකාදීපය කරන මේ මහගු කටයුත්තේ ප්‍රතිලාබ ජනතාව අතරට යන්නේ (බ)
නීතියේ සාධාරණත්වය බලාපොරොත්තු වෙමු (නි)
එක්නැලිගොඩ කියන්නෙත් අපේ රටේ පුරවැසියෙක්. ජීවත්වීමේ අයිතිය තියෙන පුද්ගලයෙක්. යම් කෙනෙක් ඔහුව ඝාතනය කළා නම් එසේ කළේ රට බේරා ගත් රණ විරුවෝ වුනත් ඔවුන්ට එයින් ගැලවීමක් නැහැ. එක්නැලිගොඩ අතුරුදන් වුනේ යුද්ධ කරන්න ගිහින් නොවෙයි. මාධ්‍යය හරහා සත්‍ය තොරතුරු හෙළිකොට ජනතාව දැනුවත් කිරීම පමණයි ඔහු කළේ. ජීවිතයෙන් වන්දි ගෙවන්න තරම් ඔහු කළ වරදක් අපි නම් දකින්නේ නැහැ. මෙම අපරාධය කළ අයට තරාතිරම නොබලා නීතිය නිසිලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඉහලම දඬුවම් ලබා දිය යුතුයි. (බ)
රට කියලා කියන්නේ ආණ්ඩුවට නොවෙයි. කොටි - නැත්නම් එල්.ටී.ටී.ඊ. එක - අපේම ආණ්ඩුවල ගොන්කම්වලින් හදා ගත්තු එකක්. ඔය කියන වීර හමුදාවේ වැරදිකාරයො ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් කරලා අනිත් අයගේ ගෞරවය රැකියා යුතුයි. වීරයන්ට අමු අමුවේ මිනී මරන්න අවසර දෙන්න බැහැ! (බ)
දන්නා කවුරු හරි කියනවද දැන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියනවද, අහෝසි කරලද කියල? (බ)
යමෙක් තල වැපිරුවේ නම් තලද වී වැපුරුවේ නම් විද ලැබෙනු ඇත .(ම)
මෙතන පළිගැනීමක කතාවක් නැහැ. එක්නැලිගොඩ වේවා තවත් පුද්ගලයෙක් වේවා ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න රටේ ව්‍යවස්ථාවත්, විධායකයත්, අධිකරණයත් බැඳී සිටිනවා. ඔහුව තුරන් කළාට පසු තුරන්කිරීම සාධාරණය කරන්න මොන තර්කය ගෙනාවත් ඒවා අතාර්කිකයි, අමානුෂිකයි. ඝාතකයාත් වින්දිතයාත් දෙදෙනාම මිනිසුන් වුණාට නීතිය හමුවේ දෙන්නා සමාන නොවේ. (නි)
රට පාවා දීම හරහා බුද්ධි අංශය යලි පාවා දෙන්න හදන්නේ. මේවා රනිල්ගේ ගැට. (බ)
සුජිත් කතාකරන්නේ සියල්ල දත් වගේනෙ. ඔයා හිතාගෙන ඉන්නේ "ලංකාව" කියන්නේ පහුගිය ආණ්ඩුවට කියලද? (නි)
රටක හමුදාවක් ඉන්නේ රටේ ආරක්ෂාවට (ම)
එක්නැලිගොඩ කියන්නෙත් මිනිසෙක්. ඒ මිනිසාට ඔහු පිළිගත් අදහස් කතා කරන්න ලියන්න ඉඩක් නැති නිසාද අතුරුදහන් කළේ? ඒ අපරාධයට සම්බන්ධ හැම කෙනෙක්ම වන්දි ගෙවීම රණවිරුවන්ට කරන අකටයුක්තක් නොවෙයි.(ම)
ඔන්න අන්තිමේදී වුන දේ (බ)
අනේ ඔය විදිහට එක්නැලිගොඩවත් ඉදිරිපත් කරන්ඩ කියල එයාගේ නෝනටත් ඉල්ලන්ඩ පුලුවන්නම්. (බ)
මිනිමරල බේරෙන්ඩ පුළුවන් ලෝකේ උතුම්ම රට මොකක්ද ? (බ)
පහත් තැනින් ජලය ගලා යයි. අනදීපු එකක් නැහැ (ම)
මේ හමුදා නිලධාරීන්ට මේ මනුස්සයාව මරන්න නියෝග දීල තියෙන්නේ සුදුවෑන් වලට ප්‍රසිද්ධ හිටපු ආණ්ඩුවේ නිලධාරියෙක්නේ (හේ)
හමුදාවෙ වුනාට වැරදි කළා නම් දඩුවම් විදින්න ඕනේ.(හේ)
ත්‍රස්තවාදීන් මැඩ රට බේරා ගත් නිලධාරීන් අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිර කරලා. මෙහෙමත් විහිළු රටක්. (බ)
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ කොටි ත‍්‍රස්තවාදිනට ඔත්තු සැපයුවද? ගින්නක් නැතිව කොහොමද දුමක් නගින්නේ. අපිට ඇත්ත කියන්න. (බ)
නීතිය නම් කාටත් නීතිය ඊට පිටින් යන්න බෑ කාටවත්. (බ)
එතකොට එක්නැලිගොඩගේ බිරියට, රාජකාරී කරනකොට අවංකව කළ යුතුයි සමාජයේ ගැරහීමට ලක් නොවීමට (බ)
රට වෙනුවෙන් මහත් මෙහෙවරක් කළ මේ නිලධාරීන්ට අවසානයට උරුම වුනේ සිරගෙය.මේ වගේ රටක ජීවත් වෙන්න වුණු එක ගැන මට ලැජ්ජයි (බ)
නීතිපතිතුමාගේ තරාදියේ කොයි පැත්ත බර වෙයිද දන්නේ නැහැ. (බ)
එතකොට කොටින්ට උදවු කරපු අය පුස් පැටව් .ඒවා හොයාගෙන ,ඒවාට බෙහෙත් කරලා ,රට බේරපු අය ත්‍රස්තවාදී .අනේ කාලේ වනේ වාසේ කියුවලු ! (බ)
තාම වෙන්න පටන් ගත්ත විතරයි. ඉස්සරහට බලාගන්න පුළුවන් හමුදාවේ/බුද්ධි අංශවල සිය ගානක් බොරු සාක්කි මත හිරේ විලංගුවේ දමල ඔවුන්ගෙන් පලිගන්න හැටි. හොඳ වැඩේ කාල ඉන්න බැරුව කොටි එක්ක යුද්දෙට ගියාට, අපේ රටේ ගුණමකු මෝඩයින්ට හොඳ කරලා වැඩක් නෑ කවදාවත්. (බ)
කජ්ජ ගහේ තිබිල පුහුලම බිමට වැටෙන කාලයක් මේක. (බ)
අනේ මන්ද එක්නැලිගොඩ නෝනා කියන ඒවා අහල එක්නැලිගොඩ මහත්තයට තිබුන පහන් හැගීම නැති වෙලා ගියා. (බ)
එතකොට සියලුම සාමාන්‍ය මිනිසුන් මැරවීමට මුදල් එකතු කළ අසිංහල යට නිතිය ක්‍රියාත්ම වෙන්නේ නැද්ද? (බ)