IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කර්නල් දෙන්නා යළි ගිරිතලේට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 11 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ ගිරිතලේ සන්නද්ධ බුද්ධි හමුදා කඳවුරට රැගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි.

එක්නැලිගොඩ මෙම කඳවුරේ රඳවාගෙන සිටි බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම සැකකරුවන් කඳවුරට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

 



අදහස් (0)

කර්නල් දෙන්නා යළි ගිරිතලේට

ඩිල්ෂාන් Monday, 05 October 2015 02:09 PM

ඔයාලා එන්නකෝ ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන. (නි)

:       0       0

ටියුඩර් Monday, 05 October 2015 02:28 PM

ඒ වුණාට මගේ නම් කිසිම ප්‍රසාදයක් නැහැ මේ සිද්ධවෙන දේවල් වලට (නි)

:       0       0

දුමින්ද Tuesday, 06 October 2015 06:18 AM

යුද්ධය යනු මානව හිමිකම් නොවන අතර බිලි පූජාවක්ද නොවේ (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 06 October 2015 06:24 AM

චින්තක මහතා, ඔබට අනුව එක්නැලිගොඩ මහතා වැරදි කරුවෙක් කියා අපි සිතමු. නමුත් ඔහුව අතුරුදහන් කළේ කවර අධිකරණ තින්දුවකින්ද?ඔහු අවි සමඟ කිසිවකු හෝ ගැටී නැත. ලොව පාලනය විය යුතු තැන අප තේරුම් ගත යුතුය. (බ)

:       0       0

පෙරුමාල් Monday, 05 October 2015 03:22 PM

එක පුද්ගලයෙක් හෝ නීතිවිරෝධී ලෙස ඝාතනය කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සමාජයේ දුර්වලම පුද්ගලයාගේ වුවද ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට අදාළ බව මේ අදහස් දමන සමහරුන්ට නොතේරීම අවාසනාවකි (නි)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Monday, 05 October 2015 03:28 PM

නිළධාරීන් කලේ වැඩේ වැරදී ,එත් ඉහලින් දෙන නියෝග නිළධාරින්ට කරන්න වෙනවා ,නියෝගය දුන්න අයව තමා මගේ දැනුම හැටියට අර්රෙස්ට් කරන්න ඕන (අ)

:       0       0

සෙනරත් Monday, 05 October 2015 03:39 PM

ඔයකියන විදියට නීතියට මොන රටේද යුද්ධ කෙරෙන්නේ ? මෙච්චරවත් සදාරණයට යුද්ධයක් කෙරුනේ ලංකාවේ තමයි පළමුවරට. යුද්දේ ඉවර නොවුනානම් මේවෙනකොට අහිංසකයෝ කියක් මැරිලද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 05 October 2015 04:42 PM

එහෙම අයිතිවාසිකම් රැකගෙන යුද්ධයක් කරන්නවත් යුද්ධයක් දිනන්නවත් බැහැ පෙරුමාල මහත්තයෝ..පොතේ හැටියට යුද්ධ කළානම් අදටත් අපි යුද්ධ කරනවා ප්‍රභාකරන් මහරජු එක්ක..ඇඩ්රස් නැතුව ආපු අයව ඇඩ්රස් නැතුව යවපු නිසා තමයි යුද්දේ උපරිම දවස්වල කොළඹ බෝම්බ නොපිරි බේරුනේ .එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් නෙමෙයි..සිංහල කොටියෙක්..ත්‍රස්තවාදයට උදව් කළ වගේම රට පවා දුන්..ඔහු යායුතු තැනට ගිහින් තියෙනවා..මේ හදන්නේ 2002 මිලේනියම් සිටි වගේ මහා පවා දීමකට..ජාත්‍යන්තර මහා පාවාදීමකට ජයග්‍රහණයත් කියල මාධ්‍ය පුරා පතුරලා ජනමත හදන්න හදන කානටු වෙලා හැකිලිච්ච ප්‍රතිරුප පුම්බන්න හදන යහපාලනයෙන් මෙයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?..(බ)

:       0       0

සරත් Monday, 05 October 2015 05:49 PM

රටේ සෑහෙන වෙනසක් වෙනවා වගෙයි (නි)

:       0       0

විල්සන් Monday, 05 October 2015 05:55 PM

සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

සරත් Monday, 05 October 2015 06:02 PM

මගේ වයස අවුරුදු 40 යි. මේ සිද්ධවෙන දේවල් ගැන මට නම් හරි දුකයි (නි)

:       0       0

නිමල්-නිශාන්ත Monday, 05 October 2015 07:27 PM

පිවිතුරු යහපාලට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ කුමක් හෝ පුද්ගලික තරහක් තිබෙන හැඩයි.ප්‍රගීත් කියන්නේ බය නැතුව ඇත්ත ලියපු මිනිහෙක්.බොරු නමකින් යහපාල වාගේ කඩේ ගිය පුද්ගලයෙක් නොවෙයි. යහපාලට වඩා ඔහුට මිනිසුන් ආදරෙයි. (නි)

:       0       0

අතුල Monday, 05 October 2015 08:11 PM

සමහර අය අදහස් දාලා තියෙන්නේ හරි පුදුම විදිහට. එක්නැලිගොඩ යනු ත්‍රස්තවාදියෙක් විදිහට හමුදාවත් එක්ක යුද්ධ කරන්න ආවා වගේනේ. බුද්ධි අංශ යුද්ධ කරන්න කැපකිරීම් කළා කියලා රටේ සාමාන්‍ය මිනිසුන්ට නිරපරාදේ කරදර කරන්න බැහැ. ඔය කියන අය එයාලගේ පවුලේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් ඔය විදිහට කියාවිද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 05 October 2015 09:52 PM

පෙරුමාල් මහතාගේ ප්‍රකාශය බුද්ධියකින් ජීවත්වෙන මිනිසෙකුටනම් ඉතා නිවැරදිය. ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ කෙනෙකුට වන්දනාමාන කරන භක්තිවන්තයකු වශයෙන් නොවන බව පැහැදිලිය. එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක් නොවන බව පිවිතුරු යහපාල මහතා කියන්නේ, මාධ්‍යවේදියෙක් කියන්නේ කවරකුටද කියා නොදන්නා නිසාද? යුධ වැදීම එකකි. ඒ හරහා වෙනත් දේ කිරීම තව එකක් බව පිවිතුරු යහපාල මහතා තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

චින්තක Tuesday, 06 October 2015 02:42 AM

සමහරු කතාකරන්නේ අද ඉපදිලා වගේ. අපි දන්නේ නැහැ. එක්නැලිගොඩ එහෙම කළා නම් ත්‍රස්තවාදියෙක් විදිහට හමුදාවත් එක්ක යුද්ධ කරන්න ආවාට වඩා භයානකයි. එළිපිට එන කෙනා මරන්නේ එක එක. රහස් ඔත්තුකරුවන් මරන්නේ සිය දහස් ගණනින්. (නි)

:       0       0

චින්තක Tuesday, 06 October 2015 02:49 AM

නිමල් නිශාන්ත, අතුල, වින්සන්ට්, හරියටම දන්නවද එක්නැලිගොඩ ගැන? ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ? (නි)

:       0       0

විපුල Monday, 05 October 2015 12:08 PM

ඉක්මණින් මේ ප්‍රශ්නය අවසන් වෙනවා නම් හොඳයි (නි)

:       0       0

තිළිණ Tuesday, 06 October 2015 04:21 AM

මේ මනුස්සය තමය් ජාත්‍යන්තරයට කේලම් කිව්වේ අපේ හමුදාව රසායනික අවි භාවිත කරනවා කියල.රටේ අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙනකොට කොටි වෙනුවෙන් කඩේ ගිය මිනිහෙක්.දැන් ඉතින් පවා දීම ඉතා හොදින් සිදු වෙමින් පවතිනවා.අපේම සිංහල මිනිස්සුත් එකටම උල්පන්දම් දෙනවා. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 05 October 2015 12:33 PM

මේ මිනිස්සු බුද්ධි අංශය වෙනුවෙන් මොනතරම් වැඩ කරන්න ඇද්ද? එහෙත් දැන් තත්ත්වය මොනතරම් වෙනස්ද? (නි)

:       0       0

කාංචන Tuesday, 06 October 2015 11:33 AM

යහපාල මල්ලි, එතකොට කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ පී එහෙම කොටි නෙවේ දිවිද නැත්නම් ජාතික වීරයෝද ? එයාල ඇඩ්රස් නැතුව යා යුතු තැනට නොගියේ මොකද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site