මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 11 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ ගිරිතලේ සන්නද්ධ බුද්ධි හමුදා කඳවුරට රැගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි.
එක්නැලිගොඩ මෙම කඳවුරේ රඳවාගෙන සිටි බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම සැකකරුවන් කඳවුරට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා එන්නකෝ ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන. (නි)
ඒ වුණාට මගේ නම් කිසිම ප්‍රසාදයක් නැහැ මේ සිද්ධවෙන දේවල් වලට (නි)
යුද්ධය යනු මානව හිමිකම් නොවන අතර බිලි පූජාවක්ද නොවේ (බ)
චින්තක මහතා, ඔබට අනුව එක්නැලිගොඩ මහතා වැරදි කරුවෙක් කියා අපි සිතමු. නමුත් ඔහුව අතුරුදහන් කළේ කවර අධිකරණ තින්දුවකින්ද?ඔහු අවි සමඟ කිසිවකු හෝ ගැටී නැත. ලොව පාලනය විය යුතු තැන අප තේරුම් ගත යුතුය. (බ)
එක පුද්ගලයෙක් හෝ නීතිවිරෝධී ලෙස ඝාතනය කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සමාජයේ දුර්වලම පුද්ගලයාගේ වුවද ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට අදාළ බව මේ අදහස් දමන සමහරුන්ට නොතේරීම අවාසනාවකි (නි)
නිළධාරීන් කලේ වැඩේ වැරදී ,එත් ඉහලින් දෙන නියෝග නිළධාරින්ට කරන්න වෙනවා ,නියෝගය දුන්න අයව තමා මගේ දැනුම හැටියට අර්රෙස්ට් කරන්න ඕන (අ)
ඔයකියන විදියට නීතියට මොන රටේද යුද්ධ කෙරෙන්නේ ? මෙච්චරවත් සදාරණයට යුද්ධයක් කෙරුනේ ලංකාවේ තමයි පළමුවරට. යුද්දේ ඉවර නොවුනානම් මේවෙනකොට අහිංසකයෝ කියක් මැරිලද ? (බ)
එහෙම අයිතිවාසිකම් රැකගෙන යුද්ධයක් කරන්නවත් යුද්ධයක් දිනන්නවත් බැහැ පෙරුමාල මහත්තයෝ..පොතේ හැටියට යුද්ධ කළානම් අදටත් අපි යුද්ධ කරනවා ප්‍රභාකරන් මහරජු එක්ක..ඇඩ්රස් නැතුව ආපු අයව ඇඩ්රස් නැතුව යවපු නිසා තමයි යුද්දේ උපරිම දවස්වල කොළඹ බෝම්බ නොපිරි බේරුනේ .එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් නෙමෙයි..සිංහල කොටියෙක්..ත්‍රස්තවාදයට උදව් කළ වගේම රට පවා දුන්..ඔහු යායුතු තැනට ගිහින් තියෙනවා..මේ හදන්නේ 2002 මිලේනියම් සිටි වගේ මහා පවා දීමකට..ජාත්‍යන්තර මහා පාවාදීමකට ජයග්‍රහණයත් කියල මාධ්‍ය පුරා පතුරලා ජනමත හදන්න හදන කානටු වෙලා හැකිලිච්ච ප්‍රතිරුප පුම්බන්න හදන යහපාලනයෙන් මෙයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?..(බ)
රටේ සෑහෙන වෙනසක් වෙනවා වගෙයි (නි)
සාධාරණය ඉටුවේවා! (නි)
මගේ වයස අවුරුදු 40 යි. මේ සිද්ධවෙන දේවල් ගැන මට නම් හරි දුකයි (නි)
පිවිතුරු යහපාලට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ කුමක් හෝ පුද්ගලික තරහක් තිබෙන හැඩයි.ප්‍රගීත් කියන්නේ බය නැතුව ඇත්ත ලියපු මිනිහෙක්.බොරු නමකින් යහපාල වාගේ කඩේ ගිය පුද්ගලයෙක් නොවෙයි. යහපාලට වඩා ඔහුට මිනිසුන් ආදරෙයි. (නි)
සමහර අය අදහස් දාලා තියෙන්නේ හරි පුදුම විදිහට. එක්නැලිගොඩ යනු ත්‍රස්තවාදියෙක් විදිහට හමුදාවත් එක්ක යුද්ධ කරන්න ආවා වගේනේ. බුද්ධි අංශ යුද්ධ කරන්න කැපකිරීම් කළා කියලා රටේ සාමාන්‍ය මිනිසුන්ට නිරපරාදේ කරදර කරන්න බැහැ. ඔය කියන අය එයාලගේ පවුලේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් ඔය විදිහට කියාවිද? (නි)
පෙරුමාල් මහතාගේ ප්‍රකාශය බුද්ධියකින් ජීවත්වෙන මිනිසෙකුටනම් ඉතා නිවැරදිය. ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ කෙනෙකුට වන්දනාමාන කරන භක්තිවන්තයකු වශයෙන් නොවන බව පැහැදිලිය. එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක් නොවන බව පිවිතුරු යහපාල මහතා කියන්නේ, මාධ්‍යවේදියෙක් කියන්නේ කවරකුටද කියා නොදන්නා නිසාද? යුධ වැදීම එකකි. ඒ හරහා වෙනත් දේ කිරීම තව එකක් බව පිවිතුරු යහපාල මහතා තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. (නි)
සමහරු කතාකරන්නේ අද ඉපදිලා වගේ. අපි දන්නේ නැහැ. එක්නැලිගොඩ එහෙම කළා නම් ත්‍රස්තවාදියෙක් විදිහට හමුදාවත් එක්ක යුද්ධ කරන්න ආවාට වඩා භයානකයි. එළිපිට එන කෙනා මරන්නේ එක එක. රහස් ඔත්තුකරුවන් මරන්නේ සිය දහස් ගණනින්. (නි)
නිමල් නිශාන්ත, අතුල, වින්සන්ට්, හරියටම දන්නවද එක්නැලිගොඩ ගැන? ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ? (නි)
ඉක්මණින් මේ ප්‍රශ්නය අවසන් වෙනවා නම් හොඳයි (නි)
මේ මනුස්සය තමය් ජාත්‍යන්තරයට කේලම් කිව්වේ අපේ හමුදාව රසායනික අවි භාවිත කරනවා කියල.රටේ අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙනකොට කොටි වෙනුවෙන් කඩේ ගිය මිනිහෙක්.දැන් ඉතින් පවා දීම ඉතා හොදින් සිදු වෙමින් පවතිනවා.අපේම සිංහල මිනිස්සුත් එකටම උල්පන්දම් දෙනවා. (බ)
මේ මිනිස්සු බුද්ධි අංශය වෙනුවෙන් මොනතරම් වැඩ කරන්න ඇද්ද? එහෙත් දැන් තත්ත්වය මොනතරම් වෙනස්ද? (නි)
යහපාල මල්ලි, එතකොට කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ පී එහෙම කොටි නෙවේ දිවිද නැත්නම් ජාතික වීරයෝද ? එයාල ඇඩ්රස් නැතුව යා යුතු තැනට නොගියේ මොකද ? (බ)