යුද හමුදා ලුතිනන් කර්නල් වරයකු හා දෙවැනි ලුතිනන්වරයකු බව කියන දෙදෙනකු වැලිඔය පරාක්‍රම පුරයට එමින් සිටියදී යුද හමුදා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
කොටි සංවිධානය වළ දැමූ රන් අබරණ තොගයක් රැගෙත් රියක් මුලතිව් වැලි ඔය මාර්ගයේ ගමන් කරන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම රිය නැවැත්වීමට අණ කර ඇතත් මේ දෙදෙනා රැගෙත් රිය නවත්වා නැතැයි ද කියති.
මුර සෙබළුන් වෙඩි තැබූ බවක් ද වාහනය නොනැවත්වූ නිසා පාර හරහා කොට දමා අවහිර කර තුබූ බවක් ද වැලිඔය ආරංචි කියයි.
දැනගන්නට ඇත්තේ මොවුන්ගේ රියේ රන් අබරණ හෝ වෙනත් සැකකටයුතු යමක් නොතිබූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැඩ කරන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. (දී)
මොකටද නවතින්න කිව්වේ එහෙමනම් .(ස)
රත්තරන් තිබුණත් නැතත් වෙන මොකක්හරි නම් හොරයක් තියෙනවා. (නි)
නවත්වන්නේ නැතුව ගියේ ඇයි .(ස)
කොහෙන් හරි ආපු නියෝගෙකට ද දන්නේ නෑ නවත්වන්නේ නැතිව ගියේ? (ත)
යුද හමුදා පොලීසිය හැමදාම වැඩ කලේ අපෙ හමුදාවට විරුද්ධව බවයි අපේ අදහස. .(ස)
යුධ හමුදා පොලිසිය මේකට වැරදි නැහැ. (නි)
මේවාට තමයි කියන්නේ ඌ මට ගහනවා. මට ඌට ගහනවා කියලා. (ස)
නීතිය කාටත් පොදුයිනම් ඇයි මේ තැන තැන මුරපොලවල් දාන්නේ (ස)
නීතිය දන්න මිනිස්සු මේ වගේ වැඩ කරනවානම් තවත් මොන කතාද ? (ස)
මම හිතන්නේ තිබුණු රත්තරන් ටික බහිරවයා ගිලින්න ඇති. (නි)
චින්තන හරියටම හරි (ස)