සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
සම්පත් මහතා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පරීක්ෂාවලදී තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරියට 88 භීෂණ කලේ වගේ..තැන තැන වෙඩිතියල මරනවා.. ඔක්කොම විපක්ෂේ කට්ටිය වගේ ...
අවිගත්තෝ අවියෙන්ම ප්‍රතිඵල ලබාගනිති.
ශෝක් යහපාලනේ... ආර්ථික දියුණුව කෙසේද යත් මිනිස් ඔළුවක මිලත් සෑහෙන්න පහළ බැහැලා. කරගන්න බැරිනම් බැහැලා යන්න රට විනාශ නොකර...
අපි ඡන්දෙ දුන්නේ මේ වගේ පුද්ගලයින්ට බව ඡන්ද දායකයන් යලි යලිත් සිතන්න..
සුදුවෑන් මෝටර් සයිකල්වලට මාරුකරලා වගෙයි.
ප්‍රහාරයට සම්බන්ධව දැනට අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ පළාතේ ප්‍රසිද්ධ පාතාල කල්ලි නායකයෙකුගේ පුතෙකු බවයි වාර්තා වෙන්නේ. එක පුද්ගලයෙකුගේ පින්තූරය පිටුපසින් මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ කෙබඳු කෙනෙක්ද කියා විමසා බලන්නේ නැතුව " පුද්ගල වන්දනාව" පෙරදැරි කරගෙන, "පොල් ලෙල්ලක් ආවත් දිනනවා" යැයි කියූ පරිද්දෙන්, ඉදිරිපත්වෙන ඕනෑම කෙනෙකුට ඡන්දය දීමේ ප්‍රතිඵල දැන් තමා පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ....
මොන ක්‍රමයකින් හරි රට දියුණු වෙනවනේ ඉතින් තව මොනවද අපිට අඩු?
හැම දිනකම අහන්න සහ කියවන්න ලැබෙන්නේ ඉතාමත් කණගාටුදායක ප්‍රවෘත්තිය. මේ තත්වය වහාම වෙනස් කළයුතු කාලය එළඹ ඇත්තේ මීට බොහෝ කලයකට පෙරය. ඇයි අපේ රට මේතරම් දරුණු අපරාධ නිදැල්ලේ කිරීමට ඉඩදෙන්නේ? අනේ දෙයියනේ ඔබතුමා වැඩ සිටින්නේ කොයිබද? අපේ රටවැසියා ගැන අනුකම්පා කළ මැනවි. ඔබතුමන්ගෙන් වත් උපකාර ලබා ගැනිමේ කාලය ඵළඹ ඇති බවයි ඉතා පැහැදිලිවම දක්නට තිබෙන්නේ. ඵක් ඵක් අයට ඇඟිලි දික්කර වරද පැටවීමෙන් මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලැබේ යයි මා විශ්වාස නොකරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි, දෙවි පිහිටයි!
දැන් මේ මිනි මැරුම් රටේ සාමාන්‍ය සිද්ධි බවට පත් වෙමින් පවතිනවා. මහජන ආරක්ෂව සැලසීම රජයේ සහ පොලිසියේ වගකීමයි. මේ නිදැල්ලේ සිදුවන අපරාධ වැලැක්වීම සඳහා රජයට සහ පොලිසියට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.
අපිත් යහපාලනයට ඡන්දය දුන්නේ පසු ගිය රජය කාලයේ සිදුවූ අපරාද රැල්ල නිසා.
උප සභාපතිතුමාගේ කැරක්ටුව අපි හොඳට දන්නවා..
පාතාලයෝයි, දේශපාලකයෝයි ඔවුනොවුන් මරාගෙන වඳ වෙලා ගියොත් රටේ යහපත් අය ආයෙත් ඒවි කියල හිතෙනවා!
සාම දර්ශකයෙන් ලංකාව ඉදිරියට!!! අනේද කියන්නේ?
එහෙන් සාම දර්ශකයක් ගැන කතා කරනවා. මෙහෙන් වෙඩි පත්තු වෙනවා. එකිනෙකා මරා ගන්නවා.
පාතාලය පවතින්නේ මේ ක්‍රමයට තමයි. සල්ලි වලට මරාගන්නවා. දේශපාලකයෝ වෙලා ඉන්නේ නුසුදුසු අයනේ...............