IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘කොරෝනා’ සීමා නිසා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය හරවා යවයි

තේපැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගය ව්‍යාප්ත වීම .      පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් හරවා යවා ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගත සමයේදී දුන් නායකත්වය හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියා ලොවපුරා බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්විය.
 
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ (16) එනම් සෙනසුරාදා ඇයගේ සහකරු සමඟ තේපැන්හලකට ගොස් ඇත. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමා හේතුවෙන් අවහන්හලකට ඇතුළත් කර ගත හැක්කේ සීමිත පිරිසකි. 
 
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තේපැන්හලට යන අවස්ථාවේදී ‘කායික දුරස්ථභාවයට’ අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සහකරු නැවත හරවා යවා ඇත.
ආඩෙන්ගේ ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා (14) සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබුණු අවන්හල්, තේපැන්හල්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ ද විවෘත කෙරිණි. නවසීලන්තය පමණක් නොව අනෙකුත් රටවල් ද වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා දැඩි සීමා පැනවීය.

නවසීන්ත අග්‍රාමාත්‍ය ආඩෙන් සහ සහකරු ක්ලාක් ගේෆෝඩ් සෙනසුරාදා වෙලින්ටන් අගනුවර පිහිටි තේපැන්හලකට ගොස් ඇත. මුල් අවස්ථාවේදී එහි අසුන් සියල්ල පිරී ගොස් තිබූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන් මිනිත්තු කිහිපයකට පසු එහි මේසයක් හිස් වී ඇති අතර තේපැන්හලේ සේවකයකු යුවල පසුපොස ගොස් ඒ බව දන්වා ඇත. පසුව ඔවුහු දෙදෙනා එම තේපැන්හලට ගොස් ඇත.

එම සිදුවීම තමා අතින් සිදුවූ වරදක් යැයි ක්ලාක් ගේෆෝඩ් පවසා ඇත.
 
‘‘මේකේ වගකීම මම ගන්න ඕනෑ. මම හරියට බැලුවේ නැහැ. අපිට වෙන තැනකට යන්න තිබ්බා’’ ගේෆෝඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.
 
‘‘තේපැන්හලේ සේවකයෙක් අපේ පස්සේ දුවන් ඇවිත් මේසයක් හිස් බව අපට කීවා. ඇත්තටම එක ඉතාම කාරුණික දෙයක්’’ යැයි ද ඔහු සඳහන් කර තිබිණි.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබෙන සීමා හේතුවෙන් අවන්හල්, තේපැන්හල් ඉදිරියේ රැඳී සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

‘‘මමත් අනෙක් හැමෝම වගේ මගේ අවස්ථාව එනතෙක් බලාගෙන හිටියා’’ යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබිණි. නවසීලන්තයේ රාජ්‍ය රූපවාහිනි සේවය අග්‍රාමාත්‍යවරයිගේ මාධ්‍ය ඒකකය උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

සිය සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් එල්ල වීමට පෙර ‘කොරෝනා වයිරස’ වසංගතය පාලනය කරගැනීමට නවසීලන්තය සමත් විය.
 
නවසීලන්තයෙන් අද (17) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 1,498ක් යැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 21ක් ලෙස ද දැක්විණි.
 
රොයිටර්ස්

(055)

 



අදහස් (11)

‘කොරෝනා’ සීමා නිසා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය හරවා යවයි

rama Sunday, 17 May 2020 10:16 AM

අන්න නීතිය සහ ඉවසීම සියල්ල සාදාරන රටක ගති ගුණ අගමැති නීතියට ගරු කිරීම සහ ආපන ශාලා හිමිය නීතිය ක්‍රියාත්මක කිරීම ...

:       0       1

ajith Sunday, 17 May 2020 10:24 AM

මේ සිද්දීන් දියුණු රටවල් වල සාමාන්‍ය දේවල්. නීතිය සැමටම එකය්. මීට කලින් ඔස්ට්‍රලියාවේ අගමැති ආරක්ෂක ඇදුම් නැතුව බෝට්ටුවක ගිහින් දඩ ගැහුවා. ලංකාවේ නීතිය මේ තත්වෙට ආපු දවසක දියුණු රටක් වෙන එක කාටවත් නවත්වන්න බෑ. අපි තවම ඒකට ගොඩක් දුරින් ඉන්නේ.

:       0       0

Deepal Nirosh Sunday, 17 May 2020 10:32 AM

නීතිය සැමටම එක හා සමව ක්‍රියාත්මක වීම අතින් රාජ්‍ය නායිකාවක් ලබා දුන් මහඟු ආදර්ශයක්.

:       0       0

Prabha Sunday, 17 May 2020 10:58 AM

අපේ රටෙ වුණානම් අහලා ගම් හතක කඩ කුඩු...

:       0       0

Nuwan Sunday, 17 May 2020 11:11 AM

අපේ එවුන්ට මේ මොත්තේ තේරෙන්නෙ නෑ.

:       0       0

Saranapala Sunday, 17 May 2020 12:03 PM

ලංකාවේ අගමැති වගේ....

:       0       1

නෙවිල් Sunday, 17 May 2020 12:09 PM

අපේ රටේ නම් මෙලහකට කඩේ කුඩු...

:       3       8

Sugat KMonday, 18 May 2020 01:47 AM

ඒ ඉස්සර... දැන් මිනිස්සු තරමක් තැන්පත්, ඔයාල වගේ මේ වගේ පෝස්ට් දමන අය කිහිපදෙනෙක් හැර...

:       0       0

Lal Sunday, 17 May 2020 12:23 PM

ල‍ංකාවේ දේශපාලුවෝ මේවා ආදර්ශයට ගනිල්ලා..

:       0       0

රවින් Sunday, 17 May 2020 12:33 PM

ආන් එකට අපේ අයියලා. දේශපාලුවා එන්න ඉස්සෙල්ලා කටුකන බල්ලෝ ටික දුවනවා. අවන්හලේ ඉන්න මැස්සොත් සැරසිලා ඉන්න ඕනේ දේශපාලුවාට ආවඩන්න. ඊළඟට කතා කරන්නේ නිදහස ගැන. මැස්සෙකුටවත් නිදහසේ පියාඹන්න ඉඩනොදෙන කාලකන්නි කතා කරන්නේ මානුෂික අයිතිවාසිකම් ගැන. මෙම සිද්දිය උපුටා දැක්වුවාට මේක නිදහස තියන රටවල සාමාන්‍ය සිද්දියක්. අගමැතිටත් තියෙන්නේ පොදු ජනයාට ඇති නිදහසම තමා. නිතිය කාටත් එකයි. ඇයි අමතකද නෙදර්ලන්තයේ අගමැති වැඩිපුරම ගමන් බිමන් යන්නේ පාපැදියෙන්ලු... මෙහෙ තානාපතිනියගේ නිල වාහනයක් වන්නේ ත්‍රිවිල් රථයක්. ජපානයේ සිටින ලොකුම පොහොසතුන්ගෙන් වැඩි හරියක් උදේ සවස තම ගමන් බිමන් යන්නේ පොදු දුම්රියෙන්ලු. ඒකට අපේ... යන්නේ රජයේ මුදලින්.

:       0       2

බන්දු සමරසිංහ Sunday, 17 May 2020 12:45 PM

අපේ අගමැතිත් අදිරිනිති සමයේ හිසතෙල් ගාන්න මුළු පවුලත් එක්කම පන්සලට ගියේ වෙන කවුරුවත් නැතිව සමාජ දුරස්ථ භාවය තියාගන්න ඕනි නිසානේ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site