විනීතා එම් ගමගේ
කොවිඞ් 19 වයිරසය ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා වන 94 හැවිරිදි පාතිමා සම්පූර්ණ සුවය ලබා ඉකුත් දා අයි ඞී එච් රෝහලෙන් පිටව ගියාය.
අසාධ්‍ය තත්ත්වයෙන් වැලිකන්ද රෝහලේ සිට අයි ඞී එච් රෝහලට එවනු ලැබ තිබුණු ඇය මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම රෝහලේ ප‍්‍රතිකාර ලැබුවාය.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී කොවිඞ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර සිටි ඇය එම රෝගය හේතුවෙන් ඇතිවූ දැඩි පාචන තත්ත්වයට මුහුණ දී ඇති අතර මේ නිසා අයි ඞී එච් රෝහලට මාරු කර එවා තිබිණි.
ඇය සුවපත් කරන්නට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිදුවූ බවත් වයස් ගත රෝගීන්ට බරපතල හානි සිදුවනබැවින් ඇය පිළිබද සුවිශේෂී අවධානයකින් ප‍්‍රතිකාර කළ බවත් ඇය සම්බන්දව තොරතුරු විමසූ අවස්ථාවේ අයි ඞී එච් රෝහලේ නිලධාරිනියක් ලංකාදීපයට පැවැසුවාය.
සුවවී රෝහලෙන් පිටව යන ඇයට රෝහල් කාර්ය මණ්ඩලය සුභපතමින් තෑගි බෝග ද පිරිනැමූ බවත් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කරමින් පිටව ගිය බවත් එම නිලධාරිනිය තව දුරටත් කීවාය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා සැදී සිටි වයස්ගතම ආසාදිතයා සුවය ලබයි
Raveendra Tuesday, 19 May 2020 10:22 AM
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියල්ලෝටම යහපතක්ම වේවා ! !! මේ අම්මාටත් නිදුක් නිරෝගිව කිසිදු කරදරයකින් තොරව සිටීමට හැකි වේවා!!!!
රවින් Tuesday, 19 May 2020 11:46 AM
නියමයි !! වයස්ගත වැඩිදෙනා කොහොමහරි මේ රෝගයෙන් ගැලවෙනවා නේද? තව පුවතක් දැක්කා ස්පාඤ්ඤයේ සිටින වයස්ගතම ආච්චි ස්පාඤ්ඤය උණ, පලවෙනි ලෝක යුද්ධය , දෙවෙනි ලෝකයුද්ධය හා කොරෝනා වලින් බෙරිච්ච කෙනෙක්ය කියලා. අනේ වාසනාවන් අපෙත් ආයු ගෙන ඔබ ජිවත්වේවා !!!.
Prabha Tuesday, 19 May 2020 12:49 PM
දැන් කොහොමද එක ජාතියක වෙනස් විදිහට සලකනවා කියකියා අපි යන්නේ...?