මේ වනවිට බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්ව සිටින ගැබිනි මව වී ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර්ය. පසුගියදා ඇය ඉන්දියාවේ ජනප්‍රියතම විලාසිතා දැක්ම වූ 'ලක්මි' විලාසිතා දැක්මටද එක්ව සිටියා.
එහිදී ඇය ගැබිනි මවකගේ ඇඳුම් විලාසිතාවකින් පෙනී සිටි අතර, එය එදින 'ලක්මි' විලාසිතා දැක්ම නරඹන්නට පැමිණි බොහෝ පිරිසකගේ අවධානයද දිනාගනු ලැබුවා.
කරීනා මෙහිදී ඉදිරිපත් කළ විලාසිතාව ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරුවෙකු වු සබ්යාචි මුඛර්ජි විසින් සිදු කර තිබුණා. මෙම විලාසිතාවට ඇය වඩාත් රූමත්ව සිටි අතර, කරීනා තරමක් තරබාරු වී සිටිනු අයුරක්ද දක්නට ලැබුණා. කරීනාගේ කුලුඳුල් දරුවා මෙලොව එළිය දැකීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd