(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 124 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) පස්වරුවේ තහවුරු කළේය.
මෙම මරණ 124 ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ‘කොවිඩ්’ මරණ සංඛ්‍යාව වේ.
එම මරණ 124 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5464 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 75 ක් සහ කාන්තාවෝ 49 ක් වෙති.
වයස 30 ට අඩු පිරිමි පුද්ගලයෙක් ද ඊයේ මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මියගිය පුද්ගලයන් 95 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 28 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැහැදිලිවම මනුෂ්‍ය ඝාතන. පාස්කු ප්‍රහාරය දැනදැනම ඒ කාලේ වුන් නිහඬව සිටියා... අදත් ඒ මිනිස්සුන්ට යුක්තියක් නැහැ. අද ඩෙල්ටා බෝම්බ පුපුරනවා. දැනදැන... මේ අය පම්පෝරි ගහනවා.
ඉතාලියේ ඇමරිකාවේ කරපු හැටි කියනවා ඒත් මම කරපු හැටි කවුරුත් කියන්නෑ. මම තමයි හොඳටම කලේ.
කොවිඩ් වගේද හිරේ විලංගුවේ වැටිච්ච උන් නිදහස් කරලා ඉහල පුටුවල වාඩි කරවන එක . ඒ වගේ වැදගත් වැඩනේ තියෙන්නේ .අනේ රට පත් වුන අවාසනාවන්තම තත්වයක් .