(අංජුල මහික වීරරත්න)
ලංකාවේ දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය අද(12) ප්‍රකාශයට පත් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කරන මෙම වැඩපිළිවෙල සකස් කිරීම සඳහා දෙස් විදෙස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු පාර්ශව වල අදහස් හා යෝජනා ලබා ගත් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
දිනෙන් දින උග්‍ර වන කෝවිඩ් පිටුදැකීම සඳහා අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම පක්ෂය එජාපය පමණක් බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කොරෝනා වලට බෙහෙතක් සොයාගෙනද ?
අනේ එපා
මේ දුපතේ ඉන්න අයට යෝජනා මාලාව ගැන සහ බෙහෙත් සොයා ගැනීම ගැනවත් වැටහීමක් නැහැ.
අලින්ට වීනා වාදනය කලාට පලක් තියේවිද කියලා සැකයි.
හොඳ යෝජනාවක් කවුරු ගෙනාවත් කමක් නැහැ.
අනිවාර්යෙන්ම කමිටු 7ක් 8ක් පත් කරයි.
මොකක්ද ඉතින් යෝජනාව හමුදාව ඉවත් කරන්න කියලද ?දෙස් විදෙස් කට්ටිය කියන්නේ ඇමෙරිකාව ,එංගලන්තය වගේ රටවල් වලින්ද .ඒ මිනිස්සුන්ටත් මේ වයිරස් එකෙන් බේරෙන්න බැරුව ඉන්න කොට මොනවද දෙන උපදෙස්
කරුණාකර දේශපාලනයෙන් තොර හොඳ යෝජනා තක්සේරු කරන්න !!!!!