IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා නිසා නෙදර්ලන්ත අගමැතිට මවගේ අවමඟුලට යන්න බැරි වෙයි

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්ටේට සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
 
ඒ බව අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක වන ඩොමිනික් කමින්ග්ස් ‘කොවිඩ්-19’ නීතිරීති කඩකළ බව වාර්තා වීමත් සමඟ ය.

අවසාන කාලයේදී නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මව වන මීකේ රූට්ටේ ඩිලින්ග් (96) අසනීප තත්ත්වයෙන් පසුව ඇත. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ නීති හේතුවෙන් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාට අසනීප තත්ත්වයෙන් පසු වූ මව බැලීමට ද නොහැකි වී ඇත.
 
තම මව මියගිය බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ සඳුඳා, එනම් (25) වැනිදා ය. ‘ද හේග්’ නුවර පිහිටි සුව සේවා නිවසකදී සිය මව මැයි 13 වැනිදා අවසන් ගමන් ගිය බව ඔහු සඳහන් කළේය.
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක වන ඩොමිනික් කමින්ග්ස් ‘කොවිඩ්-19’ නීති උල්ලංඝණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරද්දි නිවේදනයක් නිකුත් කළ නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය අග්‍රාමාත්‍යවරයාගේ මව අභාවප්‍රාප්ත වූ බවත් අග්‍රාමාත්‍යවරයාට අවසන් කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බවත් සඳහන් කළේය.

‘‘අග්‍රාමාත්‍යවරයා සියලු උපදෙස් නියමිත පරිදි පිළිපැද්දා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. කොරෝනා වයිරසය සීමා කිරීම සඳහා පැනවූ නීති හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට අසනීප තත්ත්වයෙන් පසු වූ මව බැලීමට නොහැකි වූ බවත් එමෙන්ම ඔහුට සිය මවගේ අවසන් කටයුතුවලට පවා සහභාගී වීමට නොහැකි වූ බවත් ප්‍රකාශකයා කීය.

කෙසේ නමුත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මව මියගොස් ඇත්තේ කොරෝනා වයිරසයෙන් නොවන අතර ඇයට තිබූ වෙනත් රෝගී තත්ත්ව උත්සන්න වීමෙන් යැයි නෙදර්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි.

අනෙකුත් යුරෝපීය රටවල් හා සැසඳීමේදී නෙදර්ලන්තය දැඩි සීමා පනවමින් ‘‘ලොක්ඩවුන්’’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිහිටි නිවාස, සුව සේවා මධ්‍යස්ථානය යනාදිය යෑම ද තහනම් කෙරුණි.අග්‍රාමාත්‍යවරයාගේ මව මරණාසන්න වූයේත්, අවසන් සුසුම් හෙළුවේත් එම තහංචි පවතිද්දීය.
 
‘‘මට මගේ අම්මා බලන්න බැරිවුණා. ඇය අවසන් සුසුම් හෙලද්දී, මට ළඟ ඉන්න බැරිවුණා. අගමැති වුණත් මට විශේෂයක් ලබා ගන්න විදියක් නැහැ. මා සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට යටත් විය යුතුයි. මට අම්මගේ අවසන් කටයුතුවලටවත් සහභාගී වෙන්න බැරි වුණා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි.
තනි පුද්ගලයන්ට සුව සේවා මධ්‍යස්ථාන, වැඩිහිටියන් රැකබලාගන්නා මධ්‍යස්ථානවලට යෑමට සඳුඳා (25) සිට අවසර දුන් අතර දැනට පවතින සීමා ලිහිල් වෙන්නේ ජූනි 15 වැනිදාය .

මේ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වැනි නගර සංචාරකයන් සඳහා විවෘත කිරීමට ද එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

නෙදර්ලන්තයේ අද (26) පස්වරු 1.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 45,445ක් වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 5,830ක් විය.

.එෆ්.පී./ද ගාඩියන්
 
055

 



අදහස් (6)

කොරෝනා නිසා නෙදර්ලන්ත අගමැතිට මවගේ අවමඟුලට යන්න බැරි වෙයි

සෑම් Tuesday, 26 May 2020 10:14 AM

ආරංචියට කණගාටුයි. ඔබතුමා වැරදි රටේ අගමැති වෙලා තියෙන්නේ...

:       0       166

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 10:37 AM

බලන්න, අපි සුද්දන්ට පදනම් විරහිතව බනිනවා. ඒත්, බලන්න ඔවුන් අපේ නායකයින්ට වඩා මොනතරම් නීතිගරුකයිද? ඒවායේ නීතිය ලොකු පොඩි කොයිකටත් එකයි. ආන්න ඒකට අපේ නායකයන් නේද..?

:       25       360

ArisTuesday, 26 May 2020 04:09 PM

පදනම් විරහිතව බනිනවා..? එතකොට සුද්දන් වෙළෙඳ ගිවිසුම ගහලා අපේ රට ඇල්ලුවේ නීති ගරුකවද?

:       0       0

Sumedha Nandasiri Tuesday, 26 May 2020 12:15 PM

සුද්දන්ට බනින්නේ මේ රටවලට එන්න බැරි සමහර මෝඩ දේශපාලක හොරු පමණි. ආර්ථික හා සමාජ දේශපාලන සමානතාවයක් තියෙන මේ රටවල නීතිය කාටත් එක සමානය. ඇති නැති පරතරයක් නැත. දේශපාලකයින්ට හොරකම් කරන්නට නොහැකිය. අනවින, කොඩිවින නැත. නායකයෝ රටේ සාමාන්‍ය ජනයා සමග පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරති. බුදුන් වහන්සේගේ දර්ශනයද එයයි. සමිත සේනකගේ අදහස මම අගයමි...

:       0       131

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 26 May 2020 01:20 PM

අපට සත්‍ය පහදා දුන්නාට සුමේධ මහතාට අපගේ ස්තුතිය...!

:       0       24

අතපත්තු Wednesday, 27 May 2020 01:06 PM

මගුල් ගෙදරයි, මලගෙදරයි යන්න වෙලාව තියන දේශපාලකයන් ඉන්නේ අපේ රටේ විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site