vබොලිවුඩයේ අලූතින්ම මව් පදවිය ලැබූ කරීනා කපූර් ඛාන් නැවතත් සිය වෘත්තියට පිවිසෙන දිනය එළඹෙන තුරු සිටින්නේ ආශාවෙනි.
ඇගේ පුතු තායිමූර් අලි ඛාන් පනාඋඩි උපන්නේ දෙසැම්බර් 20 දාය. බොහෝ අම්මලා ගැබිනි බවේ අවසන් දිනවලදී සිය වෘත්තිය කටයුතුවලින් බැහැර වෙතත් කරීනාට එසේ සිදු වූයේ නැත. ඇය අන්තිම මොහොත දක්වාම වැඩ කළාය. දැන්වීම් වීඩියෝ, ඡුායාරූප ගැනීම් ආදියට සහභාගී වෙන්නට ඇය සිය ගර්භනී බව බාධාවක් කර ගත්තේ නැත.
ලැබී ඇති අලූත්ම තොරතුරු ඇත්ත නම් කරීනා සිය මාතෘ නිවාඩුව කෙටි කර පෙබරවාරි මාසයේදී නැවත වෘත්තියට පිවිසෙන්නට මඟ බලා සිටින්නීය.
ඇය ඊළඟට රඟ පාන්නට නියමිතව සිටින්නේ රේහා කපූර්ගේ වීරේඩි වෙඩින් චිත‍්‍රපටියේය. එහි සෝනම් කපූර් ද රඟ පාන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd