(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා  ආසාදනයවූ  දරුවන්  51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට  පසුගිය සතියේදී ඇතුළත් කර ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .

මේ අතර කොරෝනා  ආසාදනයවූ දරුවන් දොළොස් දෙනෙකු   ළමා රෝහලට ඊයේ (24) දිනයේදී පමණක්  ඇතුළත් කෙරුණු බවද  හෙතෙම සඳහන් කළේය .

දරුවන්ට  කොරෝනා  ආසාදනයවීමේ වැඩිවීමක්  දක්නට ලැබෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා  කොරෝනා  මර්දන එන්නත ලබා නොදෙන පිරිසක් හෙයින් දරුවන් මේ අවස්ථාවේදී දැඩි පරිස්සමින් රැක බලා ගත යුතු වන බවද  පැවසුවේය.