(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වෛරසය හේතුවෙන් රටට භයංකාර අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් දේශපාලන කරුණු ගැන පසුව කතා කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
වෙනත් දේ ගැන කතාකළොත් කොරෝනා වෛරසය සම්බන්ධ සාකච්ඡාව යටපත්වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා ඉදිරි දින කිහිපය තුළ විධිමත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා දේශපාලන කරුණු කාරණා ගැන කතා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(31) පැවති මාධ්‍ය හමුවකදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මේ බව පැවැසීය.
එහිදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මිස වෙනත් ප්‍රශ්න පිළිබඳ විමසීමෙන් වළකින ලෙසට විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වෛරසයෙනුත් ලංකාව බේරෙයි.. එ්ත් මේ දේශපාලන වෛරසවලින් කවදා බේරෙන්නද?
මං මේ දොස්තර විභාගෙ පාස්වුණු ගමන්... ඒ නිසා වයිරස් ගැන ඕනදෙයක් අහන්න.
රඟපෑම්වලට හසු නොවනු අපේ රටේ ඉන්නේ දැන් බුද්ධිමත් ජනතාවයි.
මොකද විපක්ෂ නායකතුමාට වෙලා තියෙන්නේ? රටේ ජනගහනය මිලියන 21.44. චීන කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳුණා කිව්වා. ඇයත් රෝහලින් බැහැරව ගියා. චීන ජනගහනය මිලියන 130.8 යි. අද වෙනකොට 9929 කට ආසාදනය වී, 213ක් මියගොස් තිබෙනවා. ලංකාවේ කිසිම ආසාදිතයෙක් නොමැතිව, ඇයි විපක්ෂනායකතුමාට වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න බැරි? එතකොට ලංකාවේ ඉන්න මිලියන 21.44 ම "කොරෝනා - කොරෝනා" කිය කිය බඩගින්නේ ඉන්න ඕනෑද? අනිත් මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? මුලු රටේ සියලුම දේවල් අක්‍රීය කළ යුතුද? විදේශීය සංචාරකයන්ට..? එතකොට පාර්ලිමේන්තුවේ.. කැබිනට් එකේ කතා වෙන්නෙත් කොරෝනා ගැන විතරද? රටේ මිනිස්සුන්ගෙන් 50% කට කොරෝනා වැළඳුණත්, රටේ සියල්ල අකර්මන්‍ය කළ යුතුද? රටේ වාසනාවකට සජිත් ජනාධිපති වුනේ නැත්තේ. රනිල් මැතිතුමා එ.ජා.පෙ.ට ආදරෙයි. එතුමා හරි.... මේ වගේ පොඩි දෙයකින් සැලෙන මිනිහෙක් කොහොමද පක්ෂයක්, රටක් පාලනයක් කරන්නේ?
මේ රෝගය දේශපාලකයින්ට හැදුණොත් සින්ගප්පූරුවෙන් බාරගනීද? මේ රෝගීන් තමන්ගේ රටෙනුත් හංගලයි තියන්නේ. ඉතින් එහෙම වුණොත් මහ රෝහල ලෑස්ති කර තබන්න. දේශපාලුවන්ට යන්න කට්ටියටම නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්න රවුමක් ගහලා එන්න..
මේක හරියට බූරුවන්ගෙන් පියාඹන හැටි ප්‍රශ්න කරනවා වගේ වැඩක්...
ඔව් ඉතින් මොනවා ඇහුවත් කියන්න දන්න එකක්යෑ... අඩුම ගානේ සාමාන්‍ය දැනුමට අදාල ප්රශ්නයකටවත් උත්තර දෙන්න පුලුවනෑ... සාමාන්‍ය පෙල වත් පාස් වෙලා නැති කොට..
හිනා යනවා කියන දේවල් වලට.
හපොයි මේක හැදෙන්න ඕනෑ අයට නෙමෙයි හැදෙන්නේ. අපේ කරුමේ තමයි...
විපක්ෂ නායක වෙලා ඔහොම කියනවානම් තව කොහොමද ජනාධිපති වුනොත්.
ඒ කියන්නේ සජිත් කොරෝනා වෛරසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙයා චීනයට යැවුව නම් හරි. එහේ තමා බරපතල තත්ත්වය තියෙන්නෙ. මෙහෙම කෙනෙක් ජනාධිපති නොකර ඇරියා වගේම අගමැති කමත් නොදී අරින එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ. ඇමති වෙලාත් මෙහෙම තමා වැඩ කරන්න ඇත්තේ.
ඇත්තටම මේවා නම් මෝඩ චූන් තමයි. මේ සැරෙත් එජාපයට ඇපත් නැතිව යනවා... අර්ථවත් විදිහට කතා නොකළොත් ඉතින් ඉවරම තමයි.
දොස්තර සජිත්, බල්ලගේ වැඩෙයි, බලු නැට්ටේ වැඩෙයි දෙකම කරනවා...
"ටොයෝටා කොරෝනා" ගැනවත් අහන්න එපාද?
කොරෝනා චක්‍රවර්ති කෙනෙක් බිහිවෙලා වගේ