නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ ඝනයේ සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (3) පන්විල පොලිසියට නිතීඥයෙකු මාර්ගයෙන් භාර වු බව පොලිසිය කියයි.
මේ සම්බන්ධ ඡායාරූපවල ඇතුළත් සැකකරුවන් 6 දෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබූ පිස්තෝලයක් හා වායුපීඩන තුවක්කුවක්ද පොලිසියට භාර දි ඇත.
නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ වන සතුන් දඩයම් කල පුද්ගලයන් ගැන විමර්ශනය සදහා වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පත්කළ බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මස් වැද්දෝ මරාගෙන කන්නේ සත්තු. මොවුන් යන්නේ අපායේ. මොවුන්ව බේරාගන්න ඉදිරිපත්වෙන අය කොහේ යයිද? (නි)
මේ අය ඔක්කොමත් කන්න නොදී මේ වගේ එල්ලලා තියන්න ඕනෑ එළියේ යකඩ ගොඩක් ළඟ අකුණක් වදිනතුරු. (නි)
මේ වගේ අයට ස්වභාව ධර්මය දඬුවම් දෙනවාමයි (නි)
මෙම පින්තූර ලබාදී මේ සඳහා සහයෝගය දුන් සියළුම දෙනාට මේ පින ලැබෙයි. මගේ යාලුවනේ, මේ පුද්ගලයා මරාදැමූ සතුත් ගැන ඇති වූ කැක්කුමම මේ මොහොතේ ඝාතනයට ලක්වන සතුන් පිළිබඳවද ඇති වියයුතු නොවේද? දඩ මස් සඳහා සිදුකරන ඝාතන වලින් පමණද පවු සිදුවන්නේ. මාකට් එකේ විකුණන මස් මාලු රසකර කනවිට මෙම කැක්කුම ඇති නොවන්නේ මන්ද? මොහොතකට සිතන්න (නි)
මේ මස් වද්දොන්ට හැකි උපරිම දඬුවම් පමුනවන්න.(හේ)
මොකද්ද ඉතින් පුංචි දඩයක් ගෙවල නිදහස් කරයි.සහජීවනේ තියෙන්න ඕනේ.අන්තිමට ඕවා ෆෙස්බුක් දාපු අපි වැරදිකාරයෝ වෙන්නත් බැරි නැහැ.(හේ)
ෆේස්බුක් එක නිසා මේ වගේ හොඳ වැඩත් වෙනවා. මෙයාලට උපරිම දඬුවම් දෙන්න ඕන අනිත් දඩ මස් කන එවුන්ටත් උණ හැදෙන්නත් එක්ක. (බ)
සතුන් දඩයම් කරලා අන්තර්ජාලයට දැම්මම මේ අය ඉතාගෙන ඉන්නේ ලොකු වීර ක්‍රියාවක් කියලා මතක තියාගන්න කොහෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බැරි බව (බ)
දෙන්න පුළුවන් උපරිම දඬුවම් දිය යුතුයි (බ)
ෆේස්බුක් නිසා මේවා අහුවුනේ මේවට කතාකරන නිතිඥයන් හෙළා දකින්න ඕනේ (බ)
සමාජ වෙබ් අඩවි හරහා සිදුවූ තවත් සේවයක්. වැරදිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් දිය යුතුයි. (බ)
බලමු මොකද වෙන්නේ කියලා .මේවාට නීතිඥ මහත්වරු ඉදිරිපත් වෙයිද .? (බ)
මෙයාලා ආගමේ නාමයෙන් රට වනසනවා (බ)
මුන්ට සොබාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි (බ)
මටනම් හිතෙන්නේ මේ මිනිස්සුත් කවදාහරි ඔය විදියට හමගැහිලා එල්ලිලා ඉදිවී කවදම හරි දවසක.ලෝක ධර්මය වෙනස් කරන්න බැහැ කාටවත්. පවු අහිංසක සත්තු.හැම ඉපදුනු සතෙකුටම ජීවත් වෙන්න ආසාව තියෙනවා. තමන් කරපු වැඩේ ලෝකෙට පෙන්නන්න මුහුණුපොතට දාලා සමාජය දැනුවත් කළ කෙනාට ගොඩක් පින්. (බ)
මේකේ කොමෙන්ට් කරන බොහෝ මිනිසුන් තම ජීවිත කාලයේම දඩ මස් නොකාපු පිරිසකි..වැරැද්ද ප්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි..(බ)
මොන දඩුවම්ද. ඔය ගමක සරමක් අදින හේන් ගොවියෙක්නම් අවුරුදු ගණනාවකට හිරේ. නඩුකාර උන්නාන්සේ දඩුවම නියම කරන මොහොතේ මාර කියමන් ටිකක් කියලයි මිනිහව හිරේට දමන්නේ. ඒත් මේ මිනිහා සල්ලි කාරයෙක් නිසා දැනටත් ප්‍රසිද්ධ නීතිඥයෙක් දෙන්නෙක් ලක්ෂ ගණනාවක් අරන් කියන්න ඕනේ දේවල් කරන්න ඕනේ දේවල් මිනිහට කියල දීලා ඉවරයි. ඒ ටික සදහා පොලිසියේ ලොක්කෝ දෙතුන් දෙනෙකුටත් දේශපාලකයෝ දෙතුන් දෙනෙකුටත් තවත් ලක්ෂ ගානක් ගෙවලා ඉවරයි.(බ)
මෙයාලා හලාල් මස් විතරනේ කන්නේ. (බ)
අහිංසක සතුන් මරණ මේ මස් වැද්දන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් නැති නම් පොඩි දඩයක් ගහල මුන්ටික නිදහස් වෙන්නත් බැරි නැහැ මුන් ටික එළියේ ඉන්නවා කියන්නේ කැලේ සත්තුන්ගේ විනාශය.එම නිසා උපරිම දඩුවම් පමුණුවන්න. (බ)
කරපු වරද ලෝකෙට තේරුණ එකත් ලොකු දෙයක් (බ)
මුහුණු පොතට පින්සිද්ධ වෙන්න මේක ඉක්මනටම අහුවුණා. උපරිම දඬුවම් දෙන්න මේ මස් වැද්දන්ට. (නි)
මෙයාලගේ තුවක්කුවෙන් ආගම කියලද වෙඩි තිබ්බේ? වල් ඌරු මස් හලාල්ද? (බ)
සසික දන්නැති දෙයක් තියෙනවා මෙතන හැම ආගමක කෙනෙක්ම ඉන්නවා.සහජීවනය කියල මිනිසුන් බේද කරන මහින්දගේ පස්සේ ගියාට කමක් නැහැ.මෝඩ විදිහට අදහස් පල කරන්න එපා.(බ)
ඇත්තටම මේ සමහර උගතුන්ට මුදල් දකින විට හොඳ නරක අමතක වී අමනුස්සයන් බේරා ගැනීමට ඉදිරිපත් වෙන්නේ උගත්කම වැඩි හින්දද? (බ)
මේවා පොඩි දේවල් වගේ පෙනුනට බරපතල ජාතික අපරාධ ලෙස සලකන එක තමයි හරි. මෙවැනි දෑ මර්දනය කරන්න නම් දඬුවම් ඉතා තදබල වුනොත් හොඳයි නේද. තරුණයින් නිසා මොවුන් යහපත් මිනිසුන් වන තෙක්, අඩුම තරමේ අවුරුදු තුනක්වත් යනතුරු සතියකට හෝ දෙසතියකට වරක් පොලිසියේ පෙනී සිටීමටත්, වයස තිහට වැඩිනම් නම් මුන්ට, වත්පොහොසත්කම් බලපුළුවන්කාරකම් නොතකා, හිරේ විලංගුවේ දමා කන්නට දෙනවාට වඩා තමන් සතු දේපලවලින් කොටසක් අහිමි වන ආකාරයට දඬුවම් හා ප්‍රසිද්ධියේ මහාමාර්ග නඩත්තු සහ කැලිකසල බැහැරකරවීමේ දඬුවම් ලබාදීම ඵලදායි වේ යයි හඟිමි.(බ)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ... පින් පවු එනවා අපි පසුපස්සේ... (නි)
කොච්චර මස් කෑවත් ඇඟේ මස් කලඳක් නැහැ. (නි)