IMG-LOGO

කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි

නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද ඔවුන් සති 12කට ආසන්න කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය රජය පවසයි.

රුධිර පිළිකා, අවයව බද්ධ කිරීම් යනාදී කාලයක් තිස්සේ පවතින රෝගාබාධවලින් පෙළෙන පිරිස්වලට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇතැයිද  එම නිසා ඔවුන්, ඔවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා වැඩි කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරිහු උපදෙස් දී ඇත.

"ජනතාව නිවසට වී සිටිය යුතුයි. ජාතික සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගැනීමටත් අපි සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගැනීමට මේ ක්‍රියාමාර්ග ගත යුතුයි" බ්‍රිතාන්‍යයේ ප්‍රජා කටයුතු පිළිබඳ අමාත්‍ය රොබට් ජෙන්රික් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"අපි මේ ඉල්ලීම කරන්නේ වැඩිම අවදානමක් තියෙන පිරිසටයි. වැඩිම අවදානමක් ඇති පිරිස වැඩිපුර පියවරක් ගන්න ඕනේ. ඔවුන් ඔවුන්ව ආරක්ෂා කරගන්න වුවමනායි. වැඩිපුර අවදානමක් තියෙන පිරිස අමතර ක්‍රියාමාර්ග ගන්න ඕනෑ" යැ‍යි ද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වයිරසය ආසාදනය වීමට වැඩි ඉඩක් හා අවදානමක් ඇති බ්‍රිතාන්‍ය වැසියන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් එරට ප්‍රජා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

"වැඩි අවදානමක් ඇති හෝ අවදානම් කණ්ඩායම්වලට අයත් පිරිස සෞඛ්‍ය සේවය මඟින් සම්බන්ධ කරගන්නවා. ඔවුන්ට විශේෂඥ සහාය හා උපදෙස් ලබාදෙනවා. ආසන්න වශයෙන් සති 12ක් යනතුරු හෝ නිවෙස්වලට වී සිටින්නැයි අපි ඔවුන්ට දැඩිව අවවාද කරනවා" යැයි එම නිවේදනයේ දැක්විණි.

මේ සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙන බවත් ඖෂධ හා නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය නිවසටම ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකසන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 970 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site