(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 3820 ක් පසුගිය මාස දෙක තුළ ආයුර්වේද රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඉන් 2843 ක් කිසිඳු සංකූලතාවක් නොමැතිව පිටව ගොස් ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.
ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කිසිඳු ‘කොවිඩ්’ රෝගියකු මරණයට පත්ව නොමැති බවත් සඳහන් කළේය.
පළාත් නවය ආවරණ පරිදි ආයුර්වේද රෝහල් ධාරිතාවෙන් සියයට 48 ක් හෙවත් ඇදන් 1033 ක් ‘කොවිඩ්’ රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් මේ වන විට රෝගීන් 835 දෙනකු ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ආයුර්වේද කොමසාරිස්වරයා කීය.
ප්රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු දායක පණිවිඩයක් . පාරම්පරික සිංහල වෙදකමක් අපට තියෙනවා. සැබෑ වෙදකම උසස්. බටහිර වෛද්‍යවරුන් නිරතුරුවම හෙළ වෙදකමට කෙනෙහෙලිකම් කරනවා. එය වැරදි දෙයක්. දෙකම විද්‍යාවන් දෙකක්. දෙකටම සලකන්න ඕන
එතොකොට අනිත් 977 දෙනාට මොකද උනේ?
සේම රෝගයක් වන පීනසේ මා නිට්ටාවට සුව කරගත්තේ සිංහල වෙදකමින්.
අපේ දේ අගයමි...!!!
මේවා ගැන එච්චර ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ. කොහොම උනත් ඉතාමත් හොද ආරංචියක්.
මොකද ඉතිං අමාරු වෙච්ච ඉතිරි 980 බටහිර රෝහල් වලට පැටෙව්වනෙ නේද?.. මේ තවත් ධම්මික කෙනෙක්.. ආයුර්වේද රෝහල් යනු කොරෝනා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන පමණි..
ඉතාමත් සතුටට කරුණක්.එකම රෝගියෙකු හෝ මිය නොයෑම මවිතය දනවන්නක්.මේ තරම් ප්රාතිහාර්ය පෑමට හැකි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඊට නිසි ගෞරවය දී රැක ගැනීම කාගෙත් ජාතික වගකීමක්.ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විනාශ කරන හා පිරිහීමට පත්කරන නුසුදුස්සන් අල්ලා නිසි පියවර ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු.රටේ පුවත්පත් දැන්වීම් පලකර හා සමාජ මාධ්‍යවල නියැලී සිටින සුදුසුකම් හා හැකියාව නොමැති බොරුකාරයන් මුදල් හැරීමේ චේතනාවෙන් කරනා කූට සැලසුම්වලට වැට බඳින ක්‍රමවේදයක් සකස්කර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රැකගත යුතුය.එය සැමගේ වගකීමකි.මාතර උඩාමුණ පුරාණ විහාරාධිපති,අපවත්වී වදාළ ආයුර්වේද වෛද්‍ය විශාරද මාකාවිට බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ලොව කිසිවෙකුට සුවකළ නොහැකිවූ එංගලන්තයේ සුදුජාතිකයකුගේ කොන්දේ අමාරුවක් සුවකොට දේශීය වෙදකම ගැන ලොව මවිතයට පත්කළෝය.මෙවන් මාහැඟි සේවයක් සිදු කළ හැකි වෛද්‍ය ක්‍රමයක් බොරුකාරයන්ට විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.
ඇලොපති වලට පිස්සු වැටුණු දොස්තරලා දේශීය වෙදකම ට ඇති හැකියාව හෑල්ලු කරා සහ ඇලොපති ක්‍රමයත් හෑල්ලු කළා. අදටත් මිනිස්සු පස්පංගුව, කසාය බීල තමා තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ දැනට දේශීය රෝහල්වල මරණ ප්‍රමාණය බින්දුවයි
නිවසේ සිටම පාරම්පරික ආකාරයට දුම් අල්වා සුවවූ අය මෙම ක්‍රමය විදෙස් රටවල ශ්‍රී ලාංකිකයන්ටද කියාදී දිවි ගලවා ගත්තේ සමහර අය කොවිඩ් සදහා වෙන්වූ කදවුරුවලට ගොස් මිය ගිය මොහොතකය. මෙම රෝගයට රුධිර ඝනත්වය වැඩිවන බැවින් අවධානම් සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.