පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ ආසාදිත දරුවා සමඟ සම්බන්ධතා පැවැත්වූ ළමුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමට ද ක්‍රියාකරන බව බලධාරීහු සඳහන් කළහ.
වසා දැමූ පාසල්වල අධ්‍යාපන කටයුතු දුරස්ථ ක්‍රමයට ක්‍රියාවට නැංවේ.
එරට අගුලුදැමීමේ සීමා ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශයේ පාසල් පසුගිය සතියේ යළි විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.
එහෙත් ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් ඇතැම් පාසල් තවමත් වසා දමා තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ජීන් මයිකල් බ්ලැන්කර් මහතා පැවසුවේ පසුගිය සතියේ යළි ආරම්භ කළ පාසල් 40,000 කින් පමණ වෛරසය ආසාදනය වූ රෝගීන් 70 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව බලපෑමට ලක්වී ඇති සියලු පාසල් වසාදැමීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වුවත් ඔහු සඳහන් කරන්නේ දරුවන්ට ඉගැන්වීමෙන් වැළකී සිටීම බරපතළ ප්‍රතිවිපාක ගෙනදීමට හේතු විය හැකි බවයි.
අපගේ දරුවන් සෞඛ්‍යමය ක්‍රියාමාර්ගවලට ලක් නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 179,693 කි.
වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 28,111 ක් එරටින් වාර්තා වී තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ
Laksitha Paris Monday, 18 May 2020 08:06 PM
මම නම් දන්නේ නැහැ . මගේ ළමයි ගෙදර තාම. තාම වහලා.