(සුජිත් හේවාජුලිගේ )
කොව්ඩ් ඔමික්‍රොන් ජේ.එන් 1 උප ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවට වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතාම අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෝලීය තත්වය සැලකිල්ලට ගෙන ප්‍රධාන රෝහල් 19ක ස්වසන රෝග පිළිබඳ ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇතැයි පවසන එම අමාත්‍යාංශය කොව්ඩ් 19 පරීක්ෂණ වැඩි කර ඇතැයිද සඳහන් කළේය.
එසේම මෙම උප ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිර යාමේ අවදානම තක්සේරු කිරීම සඳහා ජානමය පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනටමත් උපදෙස්දී ඒ අනුව කටයුතු කෙරෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විශේෂඥ උපදෙස් වලට අනුව ඉන්ෆ්ලූවන්සා සහ සහ වෙනත් ස්වසන රෝග පැතිරීම වැළැක්වීම සඳහා සංවෘත වාතාශ්‍රය අඩු ජනාකීර්ණ ප්‍රදේශවල මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් මෙම ස්වසන රෝග පැතිරීමට ඇති ඉඩකඩ විශාල ලෙස අවම කරගත හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd