ලක්බිම කර්තෘ නීතිඥ රාජ්පාල් අබේනායකට නීතිඥ සාදයකදී පහරදුන්නැයි කියන නීතිඥ අසෝක සමරරත්න අද කොළඹ කොටුව උසාවියට බාරවීමෙන් පසුව රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. ජනාධිපති නීතිඥවරුන් වන සී ආර් ද සිල්වා, ටිරන්ත වලලියද්ද, උපුල් ජයසූරිය, අසේල රැකව, ජයසේන ඩයස් නානායක්කාර හා දීමනී බැද්දෙවෙල යන නීතිවේදීහු ඔහු වෙනුවෙන් පෙනීසිටිමින් පැවසුවේ අබේනායක මහතා ටිකට් පතක් නැතිව එහි ඇතුළු වී ඇතැයි ද, පහරදී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ගැන කියූ කතාවක් නිසා යැයි ද ඔවුහු කීහ.මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. කටඋත්තරයක් ලියා නොගත් හෙයින් ඇප දීමට විරුද්ධ වන බව පොලිසිය කරුණු දැක්වීය. ඇප නොදීමට තරම් කරුණු දක්වා නැති නිසා ඔහුට ඇප දිය හැකි බව අධිකරණය කියා සිටියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පෞද්ගලික එකක්නේ. මාධ්‍යය කටයුතුවලට සම්බන්ධ නෑ.