සූශාන්ත් රාජ්පූත් හා තමා අතර තිබූ ප්‍රේමය සම්බන්ධය බිඳවැටීමට හේතු වූයේ සිනමා නිළි ක්‍රිති ෂැනොන් සිය පෙම්වතා සමග වර්තමානයේ පවත්වන මිතුදම බව සුශාන්ත්ගේ හිටපු පෙම්වතිය වන ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළි අන්කිතා ලෝකන්ඩේ 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවියට පවසා තිබේ.
මීට මාස කිහිපයකට පෙර රූපගත කිරීම් ආරම්භ කළ 'රබ්තා' චිත්‍රපටයේ ක්‍රිති හා සූශාන්ත් පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන අතර, අන්කිතා පවසන්නේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වීමත් සමග ඔහු තමාව හිතාමතා මඟහැරිය බවයි. මීට වසර 5කට පෙර 'ස්ටාර් ප්ලස්' නාළිකාවේ විකාශය වු 'යේ හේ රිෂ්තා' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළ සුශාන්ත් හා අන්කිතා එම කාලයේදීම පෙම්වතුන් බවට පත්විය.
පසුගිය වසර කිහිපයේදීම බොලිවුඩයේ වඩාත් අකාර්ෂණීයම පෙම්වතුන් යුවළ බට පත්වු ඔවුන් මෙසේ හදිසියේම වෙන්වීම බොහෝ පිරිසක පුදුමය දනවන්නක්ද වී ඇත. සුශාන්ත් හා ක්‍රිති දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය මේ වනවිට පවත්වන බවට තොරතුරු වාර්තා වන අතර, එය බොලිවුඩයේ ප්‍රසිද්ධ රහස් ප්‍රේම සම්බන්ධයක් බවටද වර්තමානයේ පත්ව තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.