කරාතේ ක්‍රීඩාවෙන් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍යාවකගේ අස්වීම් සහතිකය පමා කිරීම නිසා පාසලක් අහිමි විය.
දරණාගම මහා විද්‍යාලයේ කේ වී පූජා ධනංජනී සුරවීර නම් මේ ශිෂ්‍යාවගේ අස්වීම් සහතිකය, දරණගම විදුහලෙන් පමා කිරීම නිසා සපුගස්කන්ද බාලිකා විදුහලේ 10වැනි ශ්‍රේණියේ දොර වැසී ගියේය.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය පමා කිරීම නිසා ශිෂ්‍යාවකට අසාධාරණයක් සිදුව ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. ඒ ගැන සොයා බැලීමට විද්‍යාල දෙකටම නිලධාරීන් පිරිසක් යවන බව ද ඇය පැවසුවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහර මහාමායා බාලිකා විද්‍යාලයේ එක්තරා ගුරුවරයෙක් කළ දෙයක් නිසා මගේ දියනියටත් මෙම අසාධාරණයම සිද්ධ වුණා
පුදුම ලේකම් කෙනෙක් නේ සහතිකේ ගැන බලන්න පිරිසක් යවනවලු ඕකට එක නිලධාරියෙකු යවූවම මදිද අනේ මෙහෙම නිලදාරීන්
නංගී, කරාටේ කළාට කමක් නෑ.ඒත් ඔබේ අධ්‍යාපනයට එය බාධෘවක් කර ගන්න එපා.මෙවන් කුහක අදහස් ඇති සමාජයක ඔබ ඉන් තවත් ධෛර්යමත් වන්න
අපෝ දැන් විදුහල්පතිල කරන්නෙම මේවගේ දේවල්
මෙච්චර කරන්න දෙයක් ද ? ගමන් වියදම් බටා යැපීම් දීමනා පවා ඔය අධ්‍යාපන නිලධාරීන්ට ගෙවන්න වෙනවා නේද මේක ටෙලිපෝන් කරලා විසඳන්න හැකියාවක් නැද්ද ?
තමන් ප්‍රගුණ කල කරාතේ මේ වගේ අයට පාඩමක් උගන්න්වන්න පාවිච්චිකලාට කමක් නෑ දුවේ.
ෂහ් මේ පුරස්නේ විසදන්න බෲස්ලිව තමයි ගේන්න ඔනා. උන්දැ ආවනමි දෙකයි දෙන්නේ යා.. යා.. ඔක්කොම ඉවරයි. නමුත් උන්දැ දැන් නෑනොවැ.
මෙයත් අරයගේ නෑයෙක් ද දන්නේ නැහැ.
මෙයාට ළමයි නැතුව ඇති නේද ????????
අනේ අප්පෝ........
අරයගෙම කෙනෙක් වෙන්න ඇති
මෙයා පළාත්සභා මන්ත්‍රීගේ බිරිද ඒ නිසා මෙයා හරි සැරයි....
කරාටේ පාරකින්ම රිටන් එක දුන්න නම් ඒ වෙලේම සහතිකේ හම්බ වෙයි
මේකට තමයි නිලධාරී වාදය කියන්නේ.තමන්ගේ දරුවන්ට වඩා අනික් දරුවෝ ඉහළට යන එක බලන්න බැරි කට්ටිය ඒ දරුවන්ගේ කකුලට පයින් ගහනවා කියන දෙය ලංකාවේ අලුත් දෙයක් නොවේ