විපක්‍ෂයේ කට සද්දකරන මැති ඇමැති ගොල්ලන්ගෙන් තුන්හතර දෙනෙක් ආණ්ඩුවට සැට්වෙන්න යනවය කියලා එතන කතාවක්..
මේ ආරංචියට තටු ලැබුණෙ පසුගිය විශ්වාසභංගෙ දවසෙ ඌව පළාතෙ මන්ත්‍රී කෙනෙක් ඡන්දෙ දෙන්නම් කියලා ඇවිත් පැදුරටත් නොකියා මාරැ වීමත් එක්කයි.
උන්නැහේට බලපාන කේස් එකකින් ගැල වෙන්නත් තියනවා. ඊළඟට තමන්ගේ සහෝදරයට පට්ටමක් ගන්නත් තියනව... තමන්ටත් නියෝජ්‍ය සයිස් පට්ටමකටත් ආස හිතිලලු. ඒ හින්දා විශ්වාසභංගෙ දවසේ හදිසියේ සිදුවූ සතරකන් මන්ත්‍රණයකින් පස්සෙලු එයා මාරැවුණේ.
ඒ හැර නුවර පළාතෙ කෙනකුටත් බස්නාහිර කෙනකුටත් වයඹ පළාතෙ කෙනකුටත් ආණ්ඩුව කොක්ක ගහලය කියල කියනවා..
හැබැයි මෙයින් දෙතුන් දෙනෙක්ම කියලා තියන්නෙ අලිත් එක්කනම් අපිට බැහැ. අලිනැතුව වෙනම පුටු ටික එකතු කරලා ආණ්ඩුවක් හැදෙනව නම් එන්නම් කියලලු..
එහෙම නැතුව ආවොත් පරණ ලොක්කත් එක්ක ඉන්න ගම නැතිවෙනව.. ගම නැති වුණොත් තමන්ටත් බිබිලෙ සොයිසලාට වෙච්ච වැඩේමයි කියලා එක කටහැකර මන්ත්‍රී සයිස් පොරක් තමන් එක්ක කපුකමට ආ කෙනාට කියලා දැම්මලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් ඌව පළාතේ මන්ත්‍රීලගේ කාර් වල හුළං ගිහින් ආණ්ඩු පෙරළිලා තියෙනවා නේද? බලාගෙන! ඌවේ ඉන්නේ හරි කට්ටිය තමයි (නි)
අනේ මෙහෙම පොරවල්! ගම්වැසියෙකුට පොරවකින් තියෙන ප්‍රයෝජනයක්වත් මේගොල්ලන්ගෙන් රටට නැහැ. (නි)