ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාව සංශෝධනය කිරීමට ඇමෙරිකාව ගෙන ඇති තීරණය සඳහා ඉන්දියාවේ සහය ලබානොදෙන ලෙස ඉන්දීය ඩී.එම්.කේ පක්ෂය එරට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා යෝජනාවට සහය පළ කළ අමෙරිකාව මේ වන විට ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද(9) වාර්තා කළේය.
එම තීරණය ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට අමෙරිකාව මීට පෙර දැරූ ස්ථාවරයට පටහැනි බව ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අමෙරිකා ස්ථාවරය සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා සිටිය හැකි බව කරුණානිධි යොමු කළ ලිපියේ සඳහන්ය.
එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාවට ඉන්දියාව සිය සහයෝගය ලබාදිය යුතු බව කරුණානිධි නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 14 වැනිදා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්,කරුණු හොයලා බලලා කතාකරන්න (නි)
හිටපු ජනපති මහින්දනේ පොරොන්දු වුණේ මානව හිමිකමට සියලු වර්තා ඉදිරපත් කරන බවට බෑන්කි මුන්ට එකක් කියලා රටතුල සිංහලෙන් ජාතිවාදය ගොඩනැගුවා එතුළින් තමයි මහින්ද ජාත්‍යාන්තරය තුළ කොන් වුණේ බොරුවට ලෝකෙන් තැනක් නැහැ ලංකාව තුල ජනතාව බොරුවෙන් අන්දන්න පුළුවන් එක තමයි මුලික දේ.(අ)
එල් එල් ආර් සී නිර්දේශ නිසි කල ක්‍රියාත්මක නොකළ වරද (බ)
සිල්වා වගේ අය ලංකාවේ සිටිනතුරු ලංකාව දියුණුව කරා ගමන් නොකරයි. (නි)
යුද්ධය ඉවර වෙලා අවුරුදු 5 ඉන්නෙ නැතිව උගත් පාඩම් කොමිසමේ වාර්තා ක්‍රියාත්මක කාළා මානව හිමිකම් කැඩූ හමුදාවල සුලු පිරිසට දඩුවම් දීලා උතුරේ ජනතාවගෙන් අල්ලාගෙන ඉන්න ඉඩම් ආපහු දීලා ඒ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළා නම් මේ අයට කෑගහන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ (අ)
හැමෝටම පුදුම අමාරුවක්නේ ලංකාව ගැන තියෙන්නේ. (නි)