කච්චතිව් දුපතේ අයිතිය සැබැවින්ම ඇත්තේ ඉන්දියාවට මිස ශී්‍රලංකාවට නොවන බව තමිල්නාඩු හිටපු මහඇමති හා ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධි පවසයි.
ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය කච්චතිව් දුපත ශ්‍රීලංකාවට අයත්යැයි සිටින ස්ථාවරය විවේචනයට ලක්කරමින් ඔහු මේ බව කීය.
කච්චතිව් දුපත් ශ්‍රීලංකාවට පවරා දී ඇති බව සදහන් ලියැවිල්ලේ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති යැයිද වැඩිකල් ගතවීමට මත්තෙන් එය අහෝසි කොට කච්චතිව් දුපතේ සැබෑ හිමිකරුවා වන ඉන්දියාව එය අයත් කර ගත යුතුව ඇතැයිද ඔහු පැවසීය.
1974 දී ශ්‍රී ලංකාවට කච්චතිව් දුපත පවරා දුන් ගිවිසුමට අනුව අන්තර්ජාතික මුහුදු සීමා නීතිය අනුව ඉන්දියාව ශී්‍රලංකාවට කච්චතිව් දුූපත පවරා දී ඇති බවත් නමුත් කච්චතිව් දුපතට ඉන්දියාවට ඇති අයිතිය තහවුරු කෙරෙන වැදගත් ලියැකියවිලි හා ඉතිහාසගත තොරතුරු සම්බන්ධයෙන් ගිවිසුමෙන් කිසිදු අවධානයක් යොමු කෙරී නොමැති බවත් කරුණානිධි පෙන්වා දුන්නේය.
තවද ගිවිසුම අත්සන් කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් සම්මත කර ඇති ක්‍රියාපටිපාටියට බැහැරව යමින් බවත් මේ හේතුව නිසාම ගිවිසුම වලංගු නොවන බවත් ඔහු කීය.
තමිල්නාඩු ධීවරයින්ට ශී්‍රලංකාවෙන් සිදුවන අඩත්තේට්ටම් ගැනද සදහනක් කළ හෙතෙම කච්චතිව් දුූපත ආසන්න මුහුදු තීරයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුල පටන්ම අයිතිය පැවති බව අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝමා තත්ත්වයට පත්වෙලා ඉඳලා නැවත නැගිටලා වගෙයි නේද? (නි)
ආයිත් පටන් අරගෙනද? (නි)
අන්තිමට ලංකාවටයි ඉන්දියාවටයි දෙකටම ප්‍රශ්න ඇතිකරයිද දන්නෙ නැහැ (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලංකාවයි ඉන්දියාවයි දෙකම අවුල් කරන්න එපා (නි)
කච්චතිව් ඉන්දියාවට අයිතිව තිබුන නිසා තමයි එය ලංකාවට පවරා දුන්නේ. පැවරීම නීත්‍යානුකූල නොවේ නම් ඔහුට පුළුවන් ඉන්දියානු රජයට අභියෝග කරන්න. හැබැයි අහිංසක මිනිසුන් අවුස්සලා ඒ මුහුදු තීරයට එවන්න එපා මාළු බාන්න. (නි)
අර මොකාටද මස්කටුවක් ලැබුන වගෙයි (නදී)