කුරුණෑගල තිත්තවැල්ල ගෝනාගල හන්දියේදී කාරයක් ටිපරයක හැපී සිව් දෙනකු මියගිය බව පොලිසිය කියයි.
ගාල්ල දළවැල්ලේදී අද උදේ 36 හැවිරිදි විවාහකයෙක් රුහුණු කුමාරි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය පවසයි.
කුරුණෑගල තිත්තවැල්ල ගෝනාගල හන්දියේදී කාරයක් ටිපරයක හැපී සිව් දෙනකු මියගිය බව පොලිසිය කියයි.
ගාල්ල දළවැල්ලේදී අද උදේ 36 හැවිරිදි විවාහකයෙක් රුහුණු කුමාරි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි කනගාටුයි.(හේ)
මෑත කාලයේ ටිපර් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙලා තියනවා.එක නිසා මේවට වේග සීමාවක් හෝ වාහන තද බද වෙලාවට ධාවනය සිමා කිරීමක් කරනවානම් ඉතාම හොඳයි. (දිල්)
උදේ පාන්දරම අහපු දුක හිතෙන ආරංචිය ඔබ සැමට නිවන් සුව ලැබේවා (බ)
ලංකාවේ බොහෝ බර වාහන අයිති දේශපාලකයන්ට හෝ පොලිසියේ අයට. මේවයේ වැඩ කරන්නේ දවසට පැය 18 විතර වැඩ කරන කිසිම පළපුරුද්දක් හෝ සමහර විට බලපත් පවා නැති සේවකයෝ. වාහන දෙනකොටම ටාර්ගට් එකක් දෙනවා. මේවටම වෙනම ලෝයර්ලත් ඉන්නවා කොහොම හරි නඩු වලින් බේරගන්න. මේවා මහාපරිමාණ, හැම දේම වහල දන ව්‍යාපාර. (බ)
අප රටේ ප්‍රධාන පාරවල් ඉතාම පටුයි. එක දිශාවකට යන්න තිබෙන්නේ එක මං තීරුවයි. ඒකත් පටුයි.එම නිසා මුහුණට මුහුණ ගැටීමේ අවස්ථාව ඉහළයි.මීට නිසි විසඳුමක් නැති වුණොත් සංචාරකයන් මේ මාර්ග වල ගමනාගමනයට බියවන්න පුළුවන්. (නි)
මේ කියන්නේ ටිපර් රියදුරාටයි, ඔහේ වැරදි පැත්තෙන් ඇවිත් මේ මිනිස්සු මරලා දැම්ම නම්, ජීවිතේ ඉතුරු කාලේ පහු කරන හැම තත්පරේකදිම මේ මිනිස්සුන්ගේ විලාපේ ඔහෙගේ හදවතට වද දෙයි මැරෙන තාක් කල්! එක එහෙම්මම වෙයි (දිල්)
මරුටි කාර් එකක්ද හැපිලා තියෙන්නේ. දුක්මුසු පුවතක්(දිල්)
ටිපර් රථයේ වරදක් නැතිබව නේද කියන්නේ? අපේ ගෙවල් පැත්තේ තරුණයින් කිහිප දෙනෙක් තමයි මේ අනතුරින් මියගියේ (නි)
මේකේ අදහස් දාලා තියන අය බොහොම දෙනෙක් ටිපර් රියදුරා දැනටමත් වැරදි කාරය කරලා දඬුවමුත් නියම කරලා.නමුත් වාහන දෙක අවසානයට නැවතිලා තියන ආකාරය බැලුවාම ටිපර් එක හරි පැත්තෙත් කාර් එක වැරදි පැත්තෙත් තමා තියෙන්නේ. මියගිය අයට නිවන් සුව. (බ)
බස් හැර බර වාහනවලට මාර්ග තදබද වෙලාවට වෙලාව සිමා කරන්න ඕනේ. පිට රටවල එහෙම නීති තියෙනවා. (ර)
මට නම් හිතෙන විදියට මෝටර් රථයේ වගෙයි වරද තිබෙන්නේ (නි)
හැමෝම ටිපර් එකට විතරක් වැරදි කියන්නෙ ඇයි වැරදි කවුද කියලා හොයන්නේ නැතිව (අ)
වැරදි කෙනාව හොයලා බනින්න (අ)
මාර්ග නීති පනවා ඇත්තේ අප සියලුදෙනාගේ යහපත පිනිණිසයි.එහෙත් එවා පිලි නොපැදීමෙන් මෙවන් අනතුරු බහුලව සිදුවේ.යම් පොලිස් නිලධාරියෙක් විසින් මාර්ග නීති කඩ කල පුද්ගලයෙකුට දඩුවම් දුන් විට එම නිලධාරියාගේ රැකියාව පවා අහිමිවන තැනට අද සමාජය පත්ව ඇත.එහෙත් එම නිලධාරියා කරනු ලබන්නේ රැකියාවක් නොව ඔබේත් මගේත් අප සැමගේත් ජිවිත අරක්ෂා කරදීමකි.එනිසා අපි සියලුදෙනා තම තමන්ට අදරය කරන පුද්ගලයෙකු වශයෙන් නීති ගරුක පුද්ගලයෙකුවන්න. එවිට හෙට දිනයේ සිදුවීමට ඇති තවත් අනතුරක් ඉන් වැලකීයනු ඇත.(අ)