(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී මොට ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ ගෙල බැඳි රන් මාලය සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.
සීසීටීවී කැමරා ඔස්සේ කළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (1) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ ගරාජයක සේවය කරන අතර ඔහුගේ ගරාජයේ තිබී පහර දීමට යොදා ගත් යතුරුපැදියක යකඩ බට සහ කොල්ල කන ලද රන් මාලය සොයාගත් බව පොලිසිය කියයි..
ඉකුත් (28) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇත.
සැකකරු පොතුහැර පදිංචි (40) පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල නගර සීමාවේ පාතාල මුඩුක්කු ඉවත් කළේ නැතිනම් ඉදිරියේදී නගරවාසීන්ට ලොකු තර්ජනයක්... දැනටමත් සොරසතුරු බියේ ඉන්න වෙලා තියෙන්නේ...