IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුරුණෑගල විදුහල්පතිට මාරුවක්

 කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයයට මාරු කළ බව වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ටී බී එම් සිරිසේන මහතා කියයි.

විදුහ්පතිට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක්  කරන බව කී සිරිසේන මහතා එම පරීක්ෂණ සාධාරණව බලපෑමකින් තොරව සිදු කිරීම සඳහා විදුහල්පති තාවකාලිකව මාරු කළ බව පවසයි.

නිල ඇඳුමින් ෆේස්බුක් වෙබ් අඩවියේ ඡායාරූපයක් පළවීමෙන් පසු පාසල් ශිෂ්‍යාවක තරවටු කිරීමෙන් පසුව ඇය දිවි නසා ගත් බව මරණ පරීක්ෂණයේ දී කියැවිණි.

ඉන් පසු ළමා රක්ෂණ අධිකාරිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ඔහුට ඇප ලැබිණි.

විදුහල්පති සම්බන්ධයෙන් මීට පෙර ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ළමා රක්ෂණ අධිකාරිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වා දිබිණි.

 



අදහස් (0)

කුරුණෑගල විදුහල්පතිට මාරුවක්

ජයතිලක Saturday, 22 February 2014 02:51 PM

නැති වු තනතුර ඉක්මනින් ලැබේවි (දිල්)

:       0       0

ඊජිඑන් පද්මකුමාර Friday, 21 February 2014 12:46 PM

අධ්‍යාපනයට ගිය කල. (ත)

:       0       0

සමින්ද Friday, 21 February 2014 01:24 PM

ගොඩාක් හොඳයි දැන්වත් දරුවන්ට සතුටින් ඉන්න පුළුවන් (අ)

:       0       0

මානි Friday, 21 February 2014 02:44 PM

දරුවන්ට අවවාද කරන්න. විදුහල්පතිට අයිතියක් තියෙනවා ෆේස්බුක් දරුවන් විනාශට තල්ලුකරනවා (අ)

:       0       0

පද්මිණි Friday, 21 February 2014 02:55 PM

නිල ඇඳුමෙන් පෙනී සිටීමේ වරදක් තිබේද?(අ)

:       0       0

උපාලි Friday, 21 February 2014 09:58 PM

ළමයින් වැරදි කරති. එය හදා ගන්න තමයි අපි ඉන්නේ. අවවාද කිරීම සහ පරිබව කිරීම අතර ලොකු වෙනසක් ඇත. එය තේරුම් ගන්න බැරි කවුරු හෝ වේ නම ඔහු හෝ ඇය අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු නොවේ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 22 February 2014 11:19 AM

මේ විදුහල්පතිතුමාට බනින කට්ටිය පොඩ්ඩක් මේ ළමයාගේ රුපවාහිනී නාලිකාවක එස් එම් එස් ගායකයකුගේ ගායනයට කරන නර්තනය බලන්න .අධි වේගී ගමනක අවසානයත් අධිවේගී බව එතකොට පැහැදිලි වේවි. එකත් අනුමත කරනවානම් තමන්ගේ දරුවන්ටත් ලැප්ටොප් සහා අන්තර්ජාල සබදතාව ලබල දීල නිදහසේ ඒවා පාවිච්චි කරන්න ඉඩ දෙන්න.ඉඩ දීල තමන්ගේ දරුවන්ටත් එම අධිවේගී මාර්ගයට දොර විවර කරලා දෙන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 86 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site