කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයයට මාරු කළ බව වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ටී බී එම් සිරිසේන මහතා කියයි.
විදුහ්පතිට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් කරන බව කී සිරිසේන මහතා එම පරීක්ෂණ සාධාරණව බලපෑමකින් තොරව සිදු කිරීම සඳහා විදුහල්පති තාවකාලිකව මාරු කළ බව පවසයි.
නිල ඇඳුමින් ෆේස්බුක් වෙබ් අඩවියේ ඡායාරූපයක් පළවීමෙන් පසු පාසල් ශිෂ්‍යාවක තරවටු කිරීමෙන් පසුව ඇය දිවි නසා ගත් බව මරණ පරීක්ෂණයේ දී කියැවිණි.
ඉන් පසු ළමා රක්ෂණ අධිකාරිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ඔහුට ඇප ලැබිණි.
විදුහල්පති සම්බන්ධයෙන් මීට පෙර ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ළමා රක්ෂණ අධිකාරිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වා දිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති වු තනතුර ඉක්මනින් ලැබේවි (දිල්)
අධ්‍යාපනයට ගිය කල. (ත)
ගොඩාක් හොඳයි දැන්වත් දරුවන්ට සතුටින් ඉන්න පුළුවන් (අ)
දරුවන්ට අවවාද කරන්න. විදුහල්පතිට අයිතියක් තියෙනවා ෆේස්බුක් දරුවන් විනාශට තල්ලුකරනවා (අ)
නිල ඇඳුමෙන් පෙනී සිටීමේ වරදක් තිබේද?(අ)
ළමයින් වැරදි කරති. එය හදා ගන්න තමයි අපි ඉන්නේ. අවවාද කිරීම සහ පරිබව කිරීම අතර ලොකු වෙනසක් ඇත. එය තේරුම් ගන්න බැරි කවුරු හෝ වේ නම ඔහු හෝ ඇය අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු නොවේ. (දී)
මේ විදුහල්පතිතුමාට බනින කට්ටිය පොඩ්ඩක් මේ ළමයාගේ රුපවාහිනී නාලිකාවක එස් එම් එස් ගායකයකුගේ ගායනයට කරන නර්තනය බලන්න .අධි වේගී ගමනක අවසානයත් අධිවේගී බව එතකොට පැහැදිලි වේවි. එකත් අනුමත කරනවානම් තමන්ගේ දරුවන්ටත් ලැප්ටොප් සහා අන්තර්ජාල සබදතාව ලබල දීල නිදහසේ ඒවා පාවිච්චි කරන්න ඉඩ දෙන්න.ඉඩ දීල තමන්ගේ දරුවන්ටත් එම අධිවේගී මාර්ගයට දොර විවර කරලා දෙන්න.(අ)