කුරුණෑගල දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙළා දැකීම සඳහා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවෝ 300ක් පමණ පැමිණ සිටිති.
කුරුණෑගල දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙළා දැකීම සඳහා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවෝ 300ක් පමණ පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් හෙලා දකිනවා (නදී)
කලාකරුවෝ දේශපාලන ඉත්තෝ උනාම ඔහොම දේවල් වෙනවා. (ර)
අපේ කලාකරුවන්ට පහර දීම් සල්මන් ඛාන් ට මල්මාලා (නදී)
ඉසුරන්දි, දේශපාලන මතයක් දැරීම සහ එම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම වන්ධිබට්ට කමක් නෙමේයි. (ර)
දේශිය කලා කරුවනි උබලට ලබා ඇත්තේ මහා නරක දශාවකි උබල ගොනාට අන්දවා ඉන්දියාවෙන් කලාකාරයෝ ගේනවා උන්ට මිලියන ගණන් දෙනවා උබලගෙ චිත්‍රපටි ටෙලි නාට්‍ය අපි මීට පස්සේ බලන්නේ නැහැ ඉන්දියාවෙන් අපිට හොද හොද චිත්‍රපටි ටෙලි නාට්‍ය ලැබෙනවා දේශිය කලා කරුවනි උබල එක එකාට කඩේ යන නිසා ඇත්තටම උබල අපිට පිළිකුල් අපි උබලගෙ විගඩම් තවත් බලන්නේ නැහැ (නදී)
විරුද්ධ දේශපාලන මතයක් දරන උදවිය ගුටි කන එක සාධාරණයි කියල හිතන අයත් ඉන්නවා.
ජනතාව ගොනාට අන්දන බව කලාකරුවන්ට තේරෙනකොට පෙරහැර හිහින්. දැන්වත් ජතාවට ඉදිරියෙන් ඉන්න බලන්න (නදී)
එන පොට හොද නැහැ. ගන් කෙල්ල ගෙට.
මේ රටේ දැන් කටයුතු කෙරෙන්නේ දකුණු ඉන්දියානු චි්‍රරපටියක් වගේ. (නදී)
එරන්දි දේශපාලන ඉත්තෝ ඉන්නේ ජනාධිපති තුමා ලග. රටකට විනාහයක් වෙනකොට කලකාරයෝ ඒ අයගේ කාර්ය බාරය තමයි කළේ (නදී)
මුදල් ගෙවා රුපවාහිනී දැන්වීම් මගින් පෙන්වන නිල් බලකායේ යහපත් සිතුවිලි , ප්‍රයෝගිකව ක්‍රියාවට නගපු සංවේදී අවස්ථාවක් මුදල් නොගෙවා මුළු රටටම බලාගත්තා. සුරක්ෂිත රටක් ඔබේ දරුවාට ජයවේවා(නදී)
"දේශපාලනයෙන් ඉවත්ව සිටින මිනිසා තිරිසනෙක් හෝ දෙවියෙක් විය යුතු යැයි කතාවක් තියෙනවා." දේශපාලනයට අපි කැමති උනත් අකමැති උනත් ප්‍රතිපලය තීන්දු තීරණ හැමකෙනාටම බලපානවා. එනිසා හැම කෙනාටම දේශපාලන මතයක් තිබිය යුතුයි. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ නොකිරීම ඔවූන්ගේ අයිතියකි. (ර)
ඉසුරන්දි, සල්මන් ඛානුත්, ජැකලීන් ෆර්නැන්ඩස් කලාකරුවෝ. ඒ අය ? (ර)
ඉසුරන්දි, ඒ කියන්නේ ඔබ එම ක්‍රියාව අනුමත කරනවා ? (ර)
කලාකරුවොත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ටත් තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතිය තියෙනවා. මේ රට තවම රාජාණ්ඩු ක්‍රමයකට ගිහින් නෑ. 8 වැනිදාට අපි ඕවට උත්තර දෙනවා. (බ)
බන්දුල මහතාට මොකද වුනේ . (නදී)
ඉසුරන්දි වැඩිය කට අරින්න එපා. (නදී)
කලාකරුවෝ කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවිය යුතු බවයි මගේ අදහස. ඔවුන් පෙනී සිටිය යුත්තේ සමාජ අර්බුධ වලට එරෙහිව කලාවෙනුයි. (ර)
'විකල්ප මත දරන්නන්ට පහරදීම' සැබෑවටම සැලකිල්ලට ගත යුතු කාරණයක්. සුළු කොට තැකිය නොහැකියි. (ර)
ඉසුරන්දි, ඕක උනේ මහින්ද මහත්තයට පක්ෂව අනිත් පැත්තෙන් කුණු බිත්තර ගහල නම් හැමෝටම ඕක තේරෙනවා. ගම් වල මිනිසුන්ගේ හදවත් දන්නේ ඒ වගේ අය පමණයි. ඔය හන්දිවල අමුවෙන් මිනිසුන් පිච්චුව කාල තිබුනා, උදේ නැගිට්ටම අපි දැක්කේ ඒවා. කළා කාරයෝ මොනවද දන්නේ? . (නදී)
සල්මන් ඛාන්, ජැකලීන් ෆර්නැන්ඩස්, වගේ අයට වඩා අපට අපේ කලා කරුවෝ වටිනවා. (ර)
හරි තව ඡන්ද ටිකක් මහින්ද නැති කර ගත්තා. (නදී)
ඉසුරන්දි, කලාකරුවන්ට තමන්ගේ කැමති කෙනෙකුට සහය දක්වන්න අයිතිය තියෙන්න ඕනේ. ඒඅය ලංකාවේ පුරවැසියන් නොවෙද ? (ර)
මේවා දැකලා මැරුණ කොටි අපිට හිනා වෙනවා ඇති නේද?(දිල්)
හැම කෙනාටම දේශපාලන මතයක් තිබිය යුතුයි. එයට පාලකයෝ ගරු කරන්න ඕනෑ(දිල්)
මොන පක්ෂයේ වුනත්, මොන අදහස් දැරුවත් කලාකරුවෝ ජන ජීවිතයේ කොටසක්. ඔවුන්ට පහර දෙනවා කියන්නේ ජනතාවට පහර දෙනවා කියන එකයි. (දිල්)
මොන කලාකරුවා උනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වුනාම ඒ අය දේශපාලකයෝ. වෙනත් වෘත්තිකයන් වුනත් එහෙමයි. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ ඒ අය කලාකාරයෝ හෝ ඒ ඒ වෘත්තිකයෝ නිසා නෙමෙයි. දේශපාලනයට ගිහින් ගුටි කනකොට මෙන්න කලාකාරයන්ට ගහනෝ කියන එක කොච්චර වැරදි ප්‍රකාශයක්ද? (නදී)
ලංකාවේ කලා කරුවන් නැතිකරලා දමල අපි බොලිවුඩ් එකෙන් කළා කරුවන් ගෙනාවා සුරක්ෂිත හෙටක් යටතේ. එයට පිළියම වශයෙන් සල්මාන් ඛාන් ගෙන්වා ඇත (නදී)
මොනම තත්වයක් යටතේ උනත් පහරදීම් බලපෑම් කිරීම් කව්රු කලත් එය අශීලාචාර බවේ ලක්ෂණයකි තරයේ හෙලා දකිමි (නදී)
කෝ මේ බන්දුල පෙරේරා ? (ර)
ඉසුරන්දි, ඔබ නිවරිදියි. තමන්ගේ ගමට පිටින් ඇවිත් විරෝධතා දක්වද්දී ගමෙ මිනිස්සුන්ට තරහ යන එක ගැන දෙපාරක් හිතන්න ඕන. ඒවගේම කලාකාරයොත් කලා කාරයෝ විතරක්ම විය යුතුයි. අහිංසක ජනතාවගේ ඇගිලි දහයෙන් පිටවෙන අත්පුඩිය විතරයි ඔබලාගේ කුසලානය විය යුත්තේ. (ර)
අපේ රට ප්‍රජාතාන්ත්‍රික නම් මේවා සිදුනොවිය යුතුයි (නි)
ඡන්දෙ දිනද්දී සතුටුයි, ඒත් පරදිනකොට දුකයි තමයි. දිනුම කෙනෙකුට දරා ගන්න පුළුවන් උනාට, පරාජය කෙනෙකුට උහුලා ගන්න අමාරු ඇති. හිංසනයට ලක්වුන කලාකරුවන්ට අපේ කනගාටුව. (ර)
හොඳදේට හොඳයි කියන්නත් නරකට නරකයි කියන්නත් කලාකාරයාට හැකි වියයුතුයි. (නි)
ප්‍රහාරයට ලක්වුණු කලාකරුවන් සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කරනවා. (ර)
ශිරෝ කියන්නේ ඇත්ත. කලාකරුවාට අයිතියක් තියනවා දේශපාලනය කරන්න. (ර)
කලාකරුවන් සියල්ල මැරයන්ට එරෙහිව එක්ව සිටීම සතුටක්. කලාකරුවනි ඔබට පහරදුන් අය යන්නේ කුණු බක්කියටයි. (ර)
සහෝදරවරුනි,මේ පහරදීම් මම කිසිසේත් අනුමත නොකරමි.කලාකරුවන් නෙමෙයි රටේ ඕනෑම පුරවැසියෙකුට කුමක් හෝ දේශපාලන මතයක් තිබිය යුතුයි. පොදුවේ මම කියන්නේ කලාකරුවා දේශපාලන වන්දිබට්ටයෙක් නොවිය යුතුයි කියලයි. (දිල්)
මොන හේතුවක්ද මන්දා මට අනිල් රෝහණ ලියන ඒවා කියවනකොට මතක් වෙන්නෙම බන්දුල පෙරේරාව ! (නදී)
මරාට කඩේ යන කලාකරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.(නදී)