මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් නාමයෝජනා බාර දීම අවාරණය කිරීමට කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට ඇතුළුවීම අද උදේ (13) මාධ්‍යවේදීන්ට තහනම් කැරිණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ  ඉදිරිපිටට ආ නිලධාරියකු කීවේ ඉහළ නියෝගයක් අනුව මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගසිංහ මහතා පැවසූ බවයි.

මාධ්‍යවේදීන් ඒ ගැන කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කළ පසු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ මාධ්‍යවේදීන් කච්චේරියට කැඳවාගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නාමයෝජනා දීමට නියමතව ඇත්තේ ද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයටය.