
( පුෂ්පකුමාර ජයරත්න )
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන පිවිසුම් මාර්ගය සකස් කිරීමේදී ඒ ආසන්නයේ පිහිටි ඉපැරැණි දැවැන්ත නුග ගසක් කපා ඉවත් කිරීමට යාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ජනතා විරෝධය සැලකිල්ලට ගෙන එම ගසා කපා ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පියවර ගෙන ඇත.
ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට පිවිසීම සඳහා මහනුවර ප්‍රධාන මාර්ගය ගැට්ටුවාන සිට මල්ලවපිටිය මංසන්ධිය දක්වා මංතීරු හතරකින් පුළුල් කිරීමට නියමිත අතර ඒ සඳහා බාධකයක්ව පවතින මෙම සුවිසල් ගස කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇත.
ඉතා දීර්ඝ කාලයක් කිසිදු බාධාවකන් තොරව ජනතාවට සෙවණක් දෙමින් පරිසරයට සිසිලස සැපයූ මෙම දැවැන්ත වෘක්ෂය කපා ඉවත් කිරීමට යාම සම්බන්ධයෙන් මේවනවිට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙන අතර ජනතාව ඉල්ලා සිටින්නේ එම ගස බේරා පරිසරය සුරකමින් මෙම මාර්ගය සංවර්ධනය කරන ලෙසය.
එම ජනතා මතයට කන්දෙමින් අදාළ මාර්ග සංවර්ධනය සඳහා මෙම ගස කපා ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර පියවරක් ගන්නා තෙක් මෙම ගස කපා ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ නම් කල යුත්තේ, ගස මැදින් බිංගෙයක් හාරා එතුලින් මහා මාර්ගය සෑදීමයි!
නුගගස කැපීම වැළැක්වූවා, බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කැඩීමට අණ දුන්නා.
බලාගෙන මෙක නන්දසේන දැක්කොත් ඇවිල්ලා පෙන්නයි, පරිසරය රැකගෙන ගහ කපන විදිහ...
කොතරම් උත්සව තබා ගස් සිට්වුවත් එම ගස් අවුරුදු දෙක තුනක් වත් හොදින් නඩත්තු කරන්න ඕනේ ගසක් විදිහට පලවෙන්න . වළක් කපා ගසක් තබා පස්වලින් වැසු පමණින් ගසක් පැල වන්නේ නැත. එම උත්සාහය අනගි වන නමුත් පාරේ තිබෙන සංවර්ධනය නාමයෙන් ගස් කපා බිම හෙළීම අනුවන කමකි මෙම ගස කොපමණ කාලයක් යන්න ඕනෙද මෙතරම් උස මහත් වන්න. මයික් ඉස්සර ඇවිත් මහා එකාගේ ඉදන් හැම ඒකාම පරිසරය වර්ණනා කෙරුවත් සංවර්දනය කරන උන්ට මේ පරිසරය ගැන කියා නොදෙන්නේ ඇයි. වගකිවයුත්තෝ අපිට පරිසරය ගැන කියා දී පරිසරය කන්නෙත් ඔවුන් මයි .
අනාගත ප්‍රස්ථා පිරුළ "රාජ මාලිඟාව ඩෝසර් කරලා නුග ගහ බේරගත්තා වගේ"
මේ අර කලින් නගරාධිපතිමද? හිතන්න පුළුවන්ද?
නගරාධිපතිතුමෝ, රාජසභාව කැඩුවෙ ප්‍රදේශ වාසීන් ට හෙවන නොදුන් නිසාද? ඔය මොනව කලත් ඔහේට අපායෙ රාජසභාව නිර්මාණය වෙලා ඉවරයි!